1
හිතෝපදේශ 19:21
Sinhala Revised Old Version
SROV
මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය.
සසඳන්න
හිතෝපදේශ 19:21 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 19:17
දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.
හිතෝපදේශ 19:17 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 19:11
සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය.
හිතෝපදේශ 19:11 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 19:20
නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න.
හිතෝපදේශ 19:20 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 19:23
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි.
හිතෝපදේශ 19:23 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 19:8
ප්‍රඥාව ලබාගන්නා තමාගේ ආත්මයට ප්‍රේමවන්නේය; ඥානය තබාගන්නාට ශුභසිද්ධවේ.
හිතෝපදේශ 19:8 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 19:18
බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න; නුමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න.
හිතෝපදේශ 19:18 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 19:9
බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි.
හිතෝපදේශ 19:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ