1
ශු. ලූක් 6:38
Sinhala Revised Old Version
SROV
දෙන්න, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.
සසඳන්න
ශු. ලූක් 6:38 ගවේෂණය කරන්න
2
ශු. ලූක් 6:45
යහපත් මනුෂ්‍යයා තමාගේ සිතෙහිවූ යහපත් සම්පතෙන් යහපත් දේද නපුරු මනුෂ්‍යයා නපුරු සම්පතෙන් නපුරුදේද පිටතට ගෙනෙන්නේය. මක්නිසාද මුඛය කථාකරන්නේ සිතේ පූර්ණකමෙන්ය.
ශු. ලූක් 6:45 ගවේෂණය කරන්න
3
ශු. ලූක් 6:35
නුමුත් නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, යහපත කරන්න, සැක නොසිතා ණයට දෙන්න; එවිට නුඹලාගේ විපාකය මහත්වන්නේය; නුඹලා මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද කෘතෝපකාර නොසලකන්නන්ටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කරුණාවන්තව සිටිනසේක.
ශු. ලූක් 6:35 ගවේෂණය කරන්න
4
ශු. ලූක් 6:36
නුඹලාගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක්මෙන් නුඹලාත් දයාවන්තව සිටින්න.
ශු. ලූක් 6:36 ගවේෂණය කරන්න
5
ශු. ලූක් 6:37
විනිශ්චය නොකරන්න, එවිට නුඹලාත් විනිශ්චයකරනු නොලබන්නහුය. වරදට පත් නොකරන්න; එවිට නුඹලාත් වරදට පත්කරනු නොලබන්නහුය. මුදාහරින්න, එවිට නුඹලාත් මුදාහරිනු ලබන්නහුය.
ශු. ලූක් 6:37 ගවේෂණය කරන්න
6
ශු. ලූක් 6:27-28
නුමුත් අසන්නාවූ නුඹලාට මම කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට වෛරකරන්නන්ට යහපත කරන්න, නුඹලාට ශාපකරන්නන්ට ආශීර්වාදකරන්න, නුඹලාට නින්දාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.
ශු. ලූක් 6:27-28 ගවේෂණය කරන්න
7
ශු. ලූක් 6:31
මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියාකරනවාට නුඹලා කැමතිද, නුඹලාත් ඔවුන්ට එසේම කරන්න.
ශු. ලූක් 6:31 ගවේෂණය කරන්න
8
ශු. ලූක් 6:29-30
නුඹේ එක කම්මුලකට ගසන්නාට අනිකත් හරවන්න; නුඹේ උතුරු සළුව උදුරාගන්නාගෙන් අඳනා රෙද්දත් වලක්වා නොගන්න. නුඹෙන් ඉල්ලන සියල්ලන්ට දෙන්න; නුඹේ දේපළ පැහැරගන්නාගෙන් නැවත ඒවා නොඉල්ලන්න.
ශු. ලූක් 6:29-30 ගවේෂණය කරන්න
9
ශු. ලූක් 6:43
මක්නිසාද නරක ඵල දරන හොඳ ගහක්වත් හොඳ ඵල දරන නරක ගහක්වත් ඇත්තේ නැත.
ශු. ලූක් 6:43 ගවේෂණය කරන්න
10
ශු. ලූක් 6:44
මක්නිසාද එක එක ගහ එහිම ඵලයෙන් දැනගනු ලැබේ. මනුෂ්‍යයෝ කටුගස්වලින් අත්තික්කා ඵල නෙළා නොගනිති, ගොකටු පඳුරකින් මුද්‍රික ඵල කඩා නොගනිති.
ශු. ලූක් 6:44 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ