1
ලෙවී කථාව 26:12
Sinhala Revised Old Version
SROV
මම නුඹලා අතරෙහි හැසිර නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලා මාගේ සෙනඟ වන්නහුය.
සසඳන්න
ලෙවී කථාව 26:12 ගවේෂණය කරන්න
2
ලෙවී කථාව 26:4
මම නියම සෘතුවෙහි නුඹලාගේ වර්ෂාවල් දෙන්නෙමි, දේශය එහි වර්ධනයන් දෙන්නීය, කෙතේ ගස්ද ඒවායේ ඵල දෙන්නේය.
ලෙවී කථාව 26:4 ගවේෂණය කරන්න
3
ලෙවී කථාව 26:3
නුඹලා මාගේ පනත් ලෙස හැසිර මාගේ ආඥාවන් රක්ෂාකරමින් ඒවා පවත්වන්නහු නම්
ලෙවී කථාව 26:3 ගවේෂණය කරන්න
4
ලෙවී කථාව 26:6
නුඹලා නිදාගන්න කල කිසිවෙක් නුඹලා භය නොගන්වන ලෙස දේශයෙහි සමාදානය දෙන්නෙමි. දේශයෙන් චණ්ඩ මෘගයන් පහකරන්නෙමි, කඩුවද නුඹලාගේ දේශය මැදින් නොයන්නේය.
ලෙවී කථාව 26:6 ගවේෂණය කරන්න
5
ලෙවී කථාව 26:9
මම නුඹලා සලකා බෝකොට වැඩිකරන්නෙමි; මාගේ ගිවිසුම නුඹලා සමඟ පිහිටුවන්නෙමි.
ලෙවී කථාව 26:9 ගවේෂණය කරන්න
6
ලෙවී කථාව 26:13
මම වනාහි නුඹලා මිසරවරුන්ගේ වහලුන්ව නොසිටින පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය; මම නුඹලාගේ වියගහේ බැඳුම් බිඳ නුඹලාට කෙලින්ව යන්ට සැලැස්වීමි.
ලෙවී කථාව 26:13 ගවේෂණය කරන්න
7
ලෙවී කථාව 26:11
මමද මාගේ මණ්ඩපය නුඹලා අතරෙහි පිහිටුවන්නෙමි. මාගේ ආත්මයද නුඹලා පිළිකුල් නොකරන්නේය.
ලෙවී කථාව 26:11 ගවේෂණය කරන්න
8
ලෙවී කථාව 26:1
රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස නුඹලාගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
ලෙවී කථාව 26:1 ගවේෂණය කරන්න
9
ලෙවී කථාව 26:10
නුඹලා බොහෝ කල් රැස්කර තිබුණු පරණ දේ කන්නහුය, අලුත් දේ කන පිණිස පරණ දේ පහකරන්නහුය.
ලෙවී කථාව 26:10 ගවේෂණය කරන්න
10
ලෙවී කථාව 26:8
නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනෙක්ද නුඹලාගෙන් සියදෙනෙක් දසදහසක්ද එළවනවා ඇත. එසේ නුඹලාගේ සතුරෝ නුඹලා හමුවෙහි කඩුවෙන් වැටෙන්නෝය.
ලෙවී කථාව 26:8 ගවේෂණය කරන්න
11
ලෙවී කථාව 26:5
නුඹලාගේ ගොයම් මඩින කාලය මුද්රිකඵල නෙළන කාලය දක්වා පවත්නේය, මුද්රිකඵල නෙළන කාලය වපුරන කාලය දක්වා පවත්නේය. නුඹලා සෑහෙන්ට කෑම කා නුඹලාගේ දේශයෙහි සුරක්ෂිතව සිටින්නහුය.
ලෙවී කථාව 26:5 ගවේෂණය කරන්න
12
ලෙවී කථාව 26:7
නුඹලා නුඹලාගේ සතුරන් එළවන්නහුය, ඔව්හු නුඹලා ඉදිරියෙහි කඩුවෙන් වැටෙන්නෝය.
ලෙවී කථාව 26:7 ගවේෂණය කරන්න
13
ලෙවී කථාව 26:2
නුඹලා මාගේ සබත් රක්ෂාකළ යුතුය, මාගේ ශුද්ධස්ථානයට ගෞරව කළ යුතුය. මම ස්වාමීන්වහන්සේ ය.
ලෙවී කථාව 26:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ