1
ශු. යොහන් 15:5
Sinhala Revised Old Version
SROV
මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.
සසඳන්න
ශු. යොහන් 15:5 ගවේෂණය කරන්න
2
ශු. යොහන් 15:4
මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.
ශු. යොහන් 15:4 ගවේෂණය කරන්න
3
ශු. යොහන් 15:7
නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.
ශු. යොහන් 15:7 ගවේෂණය කරන්න
4
ශු. යොහන් 15:16
නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.
ශු. යොහන් 15:16 ගවේෂණය කරන්න
5
ශු. යොහන් 15:13
යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.
ශු. යොහන් 15:13 ගවේෂණය කරන්න
6
ශු. යොහන් 15:2
මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.
ශු. යොහන් 15:2 ගවේෂණය කරන්න
7
ශු. යොහන් 15:12
මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.
ශු. යොහන් 15:12 ගවේෂණය කරන්න
8
ශු. යොහන් 15:8
මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.
ශු. යොහන් 15:8 ගවේෂණය කරන්න
9
ශු. යොහන් 15:1
මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය.
ශු. යොහන් 15:1 ගවේෂණය කරන්න
10
ශු. යොහන් 15:6
යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.
ශු. යොහන් 15:6 ගවේෂණය කරන්න
11
ශු. යොහන් 15:11
මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.
ශු. යොහන් 15:11 ගවේෂණය කරන්න
12
ශු. යොහන් 15:10
මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.
ශු. යොහන් 15:10 ගවේෂණය කරන්න
13
ශු. යොහන් 15:17
මේ දේවල් මා නුඹලාට අණකරන්නේ නුඹලා එක් එක්කෙනාට ප්‍රේමකරන පිණිසය.
ශු. යොහන් 15:17 ගවේෂණය කරන්න
14
ශු. යොහන් 15:19
නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.
ශු. යොහන් 15:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ