1
ශු. යොහන් 12:26
Sinhala Revised Old Version
SROV
යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.
සසඳන්න
ශු. යොහන් 12:26 ගවේෂණය කරන්න
2
ශු. යොහන් 12:25
තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය; මේ ලෝකයෙහි තමාගේ ජීවිතයට වෛරකරන්නා සදාකාල ජීවනයට ඒක ආරක්ෂාකරගන්නේය.
ශු. යොහන් 12:25 ගවේෂණය කරන්න
3
ශු. යොහන් 12:24
සැබවක් සැබවක් නුඹලාට කියමි–ගෝධුම බීජය පොළොවෙහි වැටී නොමළොත් තනිව තිබෙයි; නුමුත් මළොත් බොහෝ ඵල දෙයි.
ශු. යොහන් 12:24 ගවේෂණය කරන්න
4
ශු. යොහන් 12:46
මා කෙරෙහි අදහාගන්න කවරෙක් නුමුත් අන්ධකාරයෙහි නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයක්ව ආවෙමි.
ශු. යොහන් 12:46 ගවේෂණය කරන්න
5
ශු. යොහන් 12:47
තවද යමෙක් මාගේ වචන අසා ඒවා නොපවත්වන්නේනම්, මම ඔහු විනිශ්චය නොකරමි. මක්නිසාද මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චයකරන්ට නොවේය.
ශු. යොහන් 12:47 ගවේෂණය කරන්න
6
ශු. යොහන් 12:3
එවිට මරියා ඉතා අනර්ඝ ජටාමාංස තෙල් රාත්තලක් රැගෙන යේසුස්වහන්සේගේ පාද ආලේපකොට, ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැම්මාය. තෙලේ සුවඳින් ගේ පිරුණේය.
ශු. යොහන් 12:3 ගවේෂණය කරන්න
7
ශු. යොහන් 12:13
තල් අතු රැගෙන උන්වහන්සේගේ පෙරමගට පිටත්ව ගොස්: හෝසන්නා! ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ තැනැත්තේ, එනම්, ඉශ්‍රායෙල්ගේ රජ ආශීර්වාදලද්දෙකැයි මොරගසා කීවෝය.
ශු. යොහන් 12:13 ගවේෂණය කරන්න
8
ශු. යොහන් 12:23
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ තිබේ.
ශු. යොහන් 12:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ