1
ජෙරෙමියා 29:11
Sinhala Revised Old Version
SROV
මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
සසඳන්න
ජෙරෙමියා 29:11 ගවේෂණය කරන්න
2
ජෙරෙමියා 29:13
නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත.
ජෙරෙමියා 29:13 ගවේෂණය කරන්න
3
ජෙරෙමියා 29:12
නුඹලා මට අඩගසන්නහුය, ගොස් මට යාච්ඤාකරන්නහුය, මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි.
ජෙරෙමියා 29:12 ගවේෂණය කරන්න
4
ජෙරෙමියා 29:14
මම නුඹලාට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ජෙරෙමියා 29:14 ගවේෂණය කරන්න
5
ජෙරෙමියා 29:10
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි.
ජෙරෙමියා 29:10 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ