1
යෙසායා 41:10
Sinhala Revised Old Version
SROV
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
සසඳන්න
යෙසායා 41:10 ගවේෂණය කරන්න
2
යෙසායා 41:13
මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි.
යෙසායා 41:13 ගවේෂණය කරන්න
3
යෙසායා 41:11
නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. නුඹ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය.
යෙසායා 41:11 ගවේෂණය කරන්න
4
යෙසායා 41:9
මා විසින් පොළොවේ කෙළවරින් අල්ලාගෙන, එහි සීමාවලින් කැඳවාගෙන: නුඹ මාගේ මෙහෙකරුවාය, මම නුඹ පහකර නොදමා තෝරාගතිමියි කියා මා විසින් කියනලද්දාවූ නුඹ
යෙසායා 41:9 ගවේෂණය කරන්න
5
යෙසායා 41:12
නුඹ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් නුඹ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය.
යෙසායා 41:12 ගවේෂණය කරන්න
6
යෙසායා 41:14
පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
යෙසායා 41:14 ගවේෂණය කරන්න
7
යෙසායා 41:8
නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්රයාවූ ආබ්‍රහම්ගේ වංශය
යෙසායා 41:8 ගවේෂණය කරන්න
8
යෙසායා 41:18
මම මුඩු කඳු මුදුන්වල ගංගාද මිටියාවත් මැද උල්පත්ද විවරකරන්නෙමි. කාන්තාරය දිය පොකුණක්ද වියළි දේශයන් ජල උල්පත්ද කරන්නෙමි.
යෙසායා 41:18 ගවේෂණය කරන්න
9
යෙසායා 41:17
අසරණයන්ද දිළින්දන්ද වතුර සොයා නොලැබ ඔවුන්ගේ දිවි පිපාසායෙන් වේලෙන කල, ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ට උත්තරදෙන්නෙමි, ඉශ්රායෙල්හි දෙවියන්වහන්සේ වන මම ඔවුන් අත්නාරින්නෙමි.
යෙසායා 41:17 ගවේෂණය කරන්න
10
යෙසායා 41:4
පටන්ගැන්මේ සිට පරම්පරාවලට කැඳවමින් කාරණා හසුරුවා ඉෂ්ටකළේ කවුද? පළමුවෙනියාවූ, අන්තිමයන් සමඟත් සිටින්නාවූ ස්වාමීන්වහන්සේ වන මමය, මම ඒ තැනන්වහන්සේය.
යෙසායා 41:4 ගවේෂණය කරන්න
11
යෙසායා 41:19-20
මම කාන්තාරයෙහි කිහිරි ගස්ද ෂිට්ටීම් ගස්ද මරඳ ගස්ද තෙල් ගස්ද හිටවන්නෙමි; වනයෙහි දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂූර් ගස්ද එකට තබන්නෙමි. එසේ කරන්නේ ස්වාමීන්වහන්සේගේ හස්තය මේක කළ බවද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ ඒක හටගැන්වූ බවද ඔවුන් එක්ව දැක, දැනගෙන, සිතට ගෙන, තේරුම්ගන්න පිණිසය.
යෙසායා 41:19-20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ