1
උත්පත්ති 37:5
Sinhala Revised Old Version
SROV
යෝසෙප් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔව්හු ඔහු කෙරෙහි වඩ වඩා වෛර වූවෝය.
සසඳන්න
උත්පත්ති 37:5 ගවේෂණය කරන්න
2
උත්පත්ති 37:3
යෝසෙප් ඉශ්රායෙල්ගේ වෘද්ධ වයසේ පුත්රයා බැවින් ඔහු තමාගේ සියලු පුත්රයන්ට වඩා ඔහුට ආදරයවූයේ, අත් ඇති දිග වස්ත්රයක් ඔහුට සාදාදුන්නේය.
උත්පත්ති 37:3 ගවේෂණය කරන්න
3
උත්පත්ති 37:4
ඔහුගේ සියලු සහෝදරයන්ට වඩා තමන්ගේ පියා ඔහුට ආදරය ඇති බව ඔහුගේ සහෝදරයෝ දැක ඔහු කෙරෙහි වෛරව ඔහු සමඟ සමාදානයෙන් කථාකරන්ට නොහැකිවූවෝය.
උත්පත්ති 37:4 ගවේෂණය කරන්න
4
උත්පත්ති 37:9
ඔහු තව ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කියනුයේ: බලව, මම තවත් ස්වප්නයක් දුටිමි. ඉරද සඳද තාරකා එකොළසක්ද මට වැන්දෝයයි කීවේය.
උත්පත්ති 37:9 ගවේෂණය කරන්න
5
උත්පත්ති 37:11
ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්යාකළෝය; නුමුත් ඔහුගේ පියා ඒ කීම සිතේ තබාගත්තේය.
උත්පත්ති 37:11 ගවේෂණය කරන්න
6
උත්පත්ති 37:6-7
ඔහුද: මා දුටු මේ ස්වප්නය අසන්න; අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු, බලව, මාගේ ගොයම් මිටිය නැගිට කෙළින් සිටියේය; බලව, නුඹලාගේ ගොයම් මිටි වටකොට ඇවිත් මාගේ ගොයම් මිටියට වැන්දෝයයි කීය.
උත්පත්ති 37:6-7 ගවේෂණය කරන්න
7
උත්පත්ති 37:20
දැන් එන්න, ඔහු මරා වළක දමා චණ්ඩ මෘගයෙක් ඔහු කෑවේයයි කියමුව. එවිට ඔහුගේ ස්වප්නවලට කුමක් වන්නේදැයි බලමුයයි කීවෝය.
උත්පත්ති 37:20 ගවේෂණය කරන්න
8
උත්පත්ති 37:28
මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය.
උත්පත්ති 37:28 ගවේෂණය කරන්න
9
උත්පත්ති 37:19
ඔව්හු ඔවුනොවුන්ට කථාකොට: අන්න ස්වප්නකාරයා එන්නේය.
උත්පත්ති 37:19 ගවේෂණය කරන්න
10
උත්පත්ති 37:18
ඔව්හු දුරදීම ඔහු දැක ඔහු මරණ පිණිස ඔහු ළඟට එන්ට මත්තෙන් මන්ත්රණය කරගත්තෝය.
උත්පත්ති 37:18 ගවේෂණය කරන්න
11
උත්පත්ති 37:22
රූබෙන් ඔහු ඔවුන්ගේ අත්වලින් මුදා ඔහුගේ පියාට නැවත භාරදෙන අදහසින් ඔවුන්ට කථාකොට: ලේ නොවගුරුවා වනයෙහි තිබෙන මේ වළේ ඔහු දමන්න; එහෙත් ඔහු පිට අත් හෙළන්ට එපායයි කීය.
උත්පත්ති 37:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ