1
එසකියෙල් 7:19
Sinhala Revised Old Version
SROV
ඔවුන් තමුන්ගේ රිදී වීථිවල විසිකරනවා ඇත, ඔවුන්ගේ රන්ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේය; ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ට ගැළවෙන්ට නොහැකිවන්නේය; එයින් ඔවුන්ගේ ආශාව තෘප්තියට පැමිණෙන්නේවත් ඔවුන්ගේ බඩ පිරෙන්නේවත් නැත. මක්නිසාද ඔවුන්ගේ අයුතුකම නැමති පැකිලීමේ ගල ඒකය.
සසඳන්න
එසකියෙල් 7:19 ගවේෂණය කරන්න
2
එසකියෙල් 7:27
රජ වැලපෙන්නේය, අධිපතියා පාළුකම පැළඳගන්නේය, දේශයේ සෙනඟගේ අත් කැලඹෙන්නේය. මම ඔවුන්ගේ මාර්ග ලෙස ඔවුන්ට කරන්නෙමි, ඔවුන්ගේ විනිශ්චයවල හැටියට ඔවුන් විනිශ්චයකරන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය.
එසකියෙල් 7:27 ගවේෂණය කරන්න
3
එසකියෙල් 7:4
මාගේ ඇස නුඹ කෙරෙහි දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි. නුඹේ මාර්ග නුඹ පිටට පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල් දේ නුඹ මධ්‍යයෙහි වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
එසකියෙල් 7:4 ගවේෂණය කරන්න
4
එසකියෙල් 7:9
මාගේ ඇස දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි, මම නුඹේ මාර්ග ලෙස නුඹ පිටට [දඬුවම්] පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල්කම්ද නුඹ තුළට පැමිණෙනවා ඇත; පහරදෙන්නේ ස්වාමිවූ මා බව මෙසේ නුඹලා දැනගන්නවා ඇත.
එසකියෙල් 7:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ