1
ද්වීතීය කථාව 28:1
Sinhala Revised Old Version
SROV
තවද මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක.
සසඳන්න
ද්වීතීය කථාව 28:1 ගවේෂණය කරන්න
2
ද්වීතීය කථාව 28:2
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද නුඹ කරා පැමිණ නුඹ සමඟ වන්නේය.
ද්වීතීය කථාව 28:2 ගවේෂණය කරන්න
3
ද්වීතීය කථාව 28:13
මා අද නුඹලාට අණකරන සියලු වචනවලින් නුඹ දකුණටවත් වමටවත් හැරී අන් දෙවිවරුන්ට සේවය කරන්ට ඔවුන් පස්සේ නොගොස්
ද්වීතීය කථාව 28:13 ගවේෂණය කරන්න
4
ද්වීතීය කථාව 28:12
ස්වාමීන්වහන්සේ නිසි කාලයට නුඹේ දේශයට වර්ෂාව දෙන්ටද නුඹේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව නුඹට විවෘත කරනසේක. නුඹ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් නුඹ ණයට නොගන්නෙහිය.
ද්වීතීය කථාව 28:12 ගවේෂණය කරන්න
5
ද්වීතීය කථාව 28:7
නුඹට විරුද්ධව නැගිටින්නාවූ නුඹේ සතුරන් ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු නුඹට විරුද්ධව එක මගකින් අවුත් සත් මගකින් නුඹ ඉදිරියෙන් පලායන්නෝය.
ද්වීතීය කථාව 28:7 ගවේෂණය කරන්න
6
ද්වීතීය කථාව 28:8
නුඹේ ගබඩා කෙරෙහිද නුඹ අත තබන සියල්ලෙහිද ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදය එවා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයේදී නුඹට ආශීර්වාදකරනසේක.
ද්වීතීය කථාව 28:8 ගවේෂණය කරන්න
7
ද්වීතීය කථාව 28:6
නුඹ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය.
ද්වීතීය කථාව 28:6 ගවේෂණය කරන්න
8
ද්වීතීය කථාව 28:3
නුඹ නුවරෙහි ආශීර්වාදලද්දෙක් වන්නෙහිය, කෙතෙහිත් ආශීර්වාදලද්දෙක් වන්නෙහිය.
ද්වීතීය කථාව 28:3 ගවේෂණය කරන්න
9
ද්වීතීය කථාව 28:4
නුඹේ ගර්භයේ ඵලයටද නුඹේ භූමියේ ඵලයටද නුඹේ සිවුපාවුන්ගේ ඵලයටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාද ලැබෙන්නේය.
ද්වීතීය කථාව 28:4 ගවේෂණය කරන්න
10
ද්වීතීය කථාව 28:9
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වා උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹට දිවුළලෙස උන්වහන්සේටම ශුද්ධ සෙනඟක් කොට නුඹ ස්ථිරකරනසේක.
ද්වීතීය කථාව 28:9 ගවේෂණය කරන්න
11
ද්වීතීය කථාව 28:5
නුඹේ පැසටද පිටි අනන ඔරුවටද ආශීර්වාද ලැබෙන්නේය.
ද්වීතීය කථාව 28:5 ගවේෂණය කරන්න
12
ද්වීතීය කථාව 28:11
ස්වාමීන්වහන්සේ නුඹට දෙන ලෙස නුඹේ පියවරුන්ට දිවුළ භූමිය මතුපිට නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිවුපාවුන්ගේ ඵලයද භූමියේ ඵලයද යහපත පිණිස නුඹට වැඩිකර දෙනසේක.
ද්වීතීය කථාව 28:11 ගවේෂණය කරන්න
13
ද්වීතීය කථාව 28:10
ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක නුඹට භයවන්නෝය.
ද්වීතීය කථාව 28:10 ගවේෂණය කරන්න
14
ද්වීතීය කථාව 28:14
මා අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වමින් ඉෂ්ටකරන ලෙස නුඹ ඒවාට කීකරුවන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹ වල්ගය නොව හිස වෙන්ට සලස්වනවා ඇත; නුඹද යටින් නොව ඉහළින්ම සිටිනවා ඇත.
ද්වීතීය කථාව 28:14 ගවේෂණය කරන්න
15
ද්වීතීය කථාව 28:15
නුමුත් මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්ට බලාගන්න හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කන්නොදෙන්නෙහිනම්, මේ සියලු ශාප නුඹ පිටට පැමිණ නුඹ අසුකරගන්නේය.
ද්වීතීය කථාව 28:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ