1
ද්වීතීය කථාව 10:12-13
Sinhala Revised Old Version
SROV
ඉතින් ඉශ්රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන්වහන්සේට ප්‍රේමකිරීමත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත් නුඹේ යහපත පිණිස අද මා විසින් නුඹට අණකරන ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පැවැත්වීමත් මිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?
සසඳන්න
ද්වීතීය කථාව 10:12-13 ගවේෂණය කරන්න
2
ද්වීතීය කථාව 10:17
මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේ ය, මහත්වූ බලසම්පන්නවූ භයංකරවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත.
ද්වීතීය කථාව 10:17 ගවේෂණය කරන්න
3
ද්වීතීය කථාව 10:16
එබැවින් නුඹලාගේ කුළල් තවත් තදකර නොගෙන, නුඹලාගේ හෘදයවල චර්මාග්‍රය ඡේද්‍යකරගන්න.
ද්වීතීය කථාව 10:16 ගවේෂණය කරන්න
4
ද්වීතීය කථාව 10:18
උන්වහන්සේ පියා නැත්තාටද වැන්දඹුවටද යුක්තිය ඉෂ්ටකරදෙන සේක, විදේශියාට කෑම ඇඳීම දෙමින් ඔහුට ප්‍රේමකරනසේක.
ද්වීතීය කථාව 10:18 ගවේෂණය කරන්න
5
ද්වීතීය කථාව 10:21
උන්වහන්සේම නුඹේ ප්‍රශංසා භූමියය, උන්වහන්සේම නුඹේ ඇස්වලින් දුටු මේ මහත්වූ භයානකවූ දේ නුඹ උදෙසා කළාවූ නුඹේ දෙවියන්වහන්සේය.
ද්වීතීය කථාව 10:21 ගවේෂණය කරන්න
6
ද්වීතීය කථාව 10:20
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව, උන්වහන්සේටම සේවය කොට, උන්වහන්සේටම ඇලුම්ව සිට, උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්න.
ද්වීතීය කථාව 10:20 ගවේෂණය කරන්න
7
ද්වීතීය කථාව 10:14
බලව, ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද පොළොව සහ එහි ඇති සියල්ලද අයිති නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ය.
ද්වීතීය කථාව 10:14 ගවේෂණය කරන්න
8
ද්වීතීය කථාව 10:19
එබැවින් විදේශියාට ප්‍රේම කරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.
ද්වීතීය කථාව 10:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ