1
ද්වීතීය කථාව 1:30-31
Sinhala Revised Old Version
SROV
නුඹලාට පෙරටුව යන්නාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලා උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම නුඹලා උදෙසා යුද්ධකරනවා ඇත. මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලා ගෙනයන්නාක් මෙන් නුඹලා මේ ස්ථානයට පැමිණෙන තෙක් ආවාවූ මුළු මාර්ගයෙහිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ උසුලා ගෙනා බව නුඹ දැකලා තිබේ.
සසඳන්න
ද්වීතීය කථාව 1:30-31 ගවේෂණය කරන්න
2
ද්වීතීය කථාව 1:11
නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා දැන් සිටිනවාටත් වඩා දහස් ගුණයක් වැඩිකොට උන්වහන්සේ පොරොන්දුවුණු ලෙස නුඹලාට ආශීර්වාදකරනසේක්වා!
ද්වීතීය කථාව 1:11 ගවේෂණය කරන්න
3
ද්වීතීය කථාව 1:6
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හොරේබ්හිදී අපට කථාකොට: නුඹලා මේ කන්දේ විසූ කාලය ඇත.
ද්වීතීය කථාව 1:6 ගවේෂණය කරන්න
4
ද්වීතීය කථාව 1:8
බලව, මම දේශය නුඹලා ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ඔවුන්ට පසු ඔවුන්ගේ වංශයටද දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ දේශය හිමිකරගන්නැයි කීසේක.
ද්වීතීය කථාව 1:8 ගවේෂණය කරන්න
5
ද්වීතීය කථාව 1:17
විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන්දෙන්න; මනුෂ්‍යයන්ට භයනොවෙන්න; මක්නිසාද විනිශ්චය කිරීම දෙවියන්වහන්සේගේය. නුඹලාට අමාරු වැඩිවූ කාරණයක් ඇත්නම් මා ළඟට ගෙනෙන්න, මම ඒක විචාරන්නෙමියි කීයෙමි.
ද්වීතීය කථාව 1:17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ