1
2 1 වංශාවලිය 7:14
Sinhala Revised Old Version
SROV
මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි.
සසඳන්න
2 1 වංශාවලිය 7:14 ගවේෂණය කරන්න
2
2 1 වංශාවලිය 7:15
දැනුදු මේ ස්ථානයේදී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇරී මාගේ කන් යොමුකරනු ලැබේ.
2 1 වංශාවලිය 7:15 ගවේෂණය කරන්න
3
2 1 වංශාවලිය 7:16
මෙසේ මාගේ නාමය මේ ගෘහයෙහි සදාකාලේටම තිබෙන පිණිස මෙය තෝරාගන විශුද්ධ කෙළෙමි. මාගේ ඇස්ද මාගේ සිතද නිතරම මෙහි වන්නේය.
2 1 වංශාවලිය 7:16 ගවේෂණය කරන්න
4
2 1 වංශාවලිය 7:13
වැසි නොවසින ලෙස මම අහස වසන්නෙම්නම්, නොහොත් රට පාළුකිරීමට පළගැටියන්ට අණකරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම්නම්
2 1 වංශාවලිය 7:13 ගවේෂණය කරන්න
5
2 1 වංශාවලිය 7:12
එවිට ස්වාමීන්වහන්සේ රාත්රියේ සාලමොන්ට පෙනී කථාකොට: මම නුඹේ යාච්ඤාව අසා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරාගතිමි.
2 1 වංශාවලිය 7:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ