එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි. එසේම ස්ත්රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්රවලින්වත් නොව, දේවභක්ති නාමය දරන ස්ත්රීන්ට සුදුසුලෙස යහපත් ක්රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි.