1
1 යොහන් 5:14
Sinhala Revised Old Version
SROV
උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.
සසඳන්න
1 යොහන් 5:14 ගවේෂණය කරන්න
2
1 යොහන් 5:15
අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.
1 යොහන් 5:15 ගවේෂණය කරන්න
3
1 යොහන් 5:3-4
මක්නිසාද දෙවියන්වහන්සේට ප්රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.
1 යොහන් 5:3-4 ගවේෂණය කරන්න
4
1 යොහන් 5:12
පුත්රයාණන්වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත; දෙවියන්වහන්සේගේ පුත්රයා නැත්තාට ඒ ජීවනය නැත.
1 යොහන් 5:12 ගවේෂණය කරන්න
5
1 යොහන් 5:13
දෙවියන්වහන්සේගේ පුත්රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එවුවේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය.
1 යොහන් 5:13 ගවේෂණය කරන්න
6
1 යොහන් 5:18
දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.
1 යොහන් 5:18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ