1
ශුද්ධවර ලූක් 9:23
Sinhala New Revised Version
NRSV
ජේසුස් වහන්සේ සියල්ලන්ට කතා කොට, “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා, දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුව ආවා වේ.
Comparar
Explorar ශුද්ධවර ලූක් 9:23
2
ශුද්ධවර ලූක් 9:24
සිය ජීවිතය රැක ගන්න කැමැති යමෙක් වේ ද, ඔහු එය නැති කරගනියි; මා නිසා සිය ජීවිතය නැති කරගන්න යමෙක් වේ ද ඔහු එය රැකගනියි.
Explorar ශුද්ධවර ලූක් 9:24
3
ශුද්ධවර ලූක් 9:62
ජේසුස් වහන්සේ, “නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ”යි ඔහුට වදාළ සේක.
Explorar ශුද්ධවර ලූක් 9:62
4
ශුද්ධවර ලූක් 9:25
යමෙකු මුළු ලෝකය ලබාගත්තත් සිය ජීවිතය නැති කරගතහොත්, නැත්නම්, විනාශ කර ගතහොත් ඔහුට කුමන ලාභයක් ද?
Explorar ශුද්ධවර ලූක් 9:25
5
ශුද්ධවර ලූක් 9:26
යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් තමන්ගේ ද පියාණන්ගේ ද ශුද්ධ දූතයන්ගේ ද තේජශ්‍රීයෙන් යුක්ත ව වඩිනා කල ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.
Explorar ශුද්ධවර ලූක් 9:26
6
ශුද්ධවර ලූක් 9:58
ජේසුස් වහන්සේ කතා කොට, “හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට වත් තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක.
Explorar ශුද්ධවර ලූක් 9:58
7
ශුද්ධවර ලූක් 9:48
“මාගේ නාමයෙන් මේ කුඩා දරුවා පිළිගන්න යමෙක් වේ ද, ඔහු මා පිළිගන්නේ ය; යමෙක් මා පිළිගන්නේ ද, ඔහු මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගන්නේ ය. කුමක් හෙයින් ද, ඔබ හැම අතර ඉතා ම සුළු තැනැත්තා ශ්‍රේෂ්ඨතම තැනැත්තා ය”යි වදාළ සේක.
Explorar ශුද්ධවර ලූක් 9:48