උත්පත්ති 27
27
1ඊසාක් මහලු ව, ඔහුගේ ඇස් නො පෙනෙන තරමට අඳුරු ව සිටි කල, ඔහු තම වැඩිමල් පුත් ඒසව් කැඳවමින්, “මා පුතේ” යි කීවේ ය.
“මම මෙහේ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
2එවිට ඊසාක්, “බලන්න! මා දැන් මහලුයි. කවදා මැරේවිදැයි මා දන්නේ නැහැ. 3එබැවින් ඔබේ ආයුධ, ඔබේ දුනු-හී ගෙන, බැද්දට ගොස්, මට දඩමසක් දඩයම් කරන්න. 4මා ආශා කරන රසවත් කෑමක් එයින් සාදා, කෑමට ඒවා මා වෙත ගෙනෙන්න; මා මැරෙන්නට කලින් මගේ ආශිර්වාදය මා ඔබට දෙන පිණිස යැ” යි කීවේ ය.
5මේ අතර රෙබෙකා, ඊසාක් තම පුත් ඒසව්ට කී දේ අසා සිටියා ය. ඒසව් මසක් දඩයම් කර ගෙනෙන්නට වන වැදුණු කල, 6රෙබෙකා තම පුත් යාකොබ්ට කතා කොට, “මේ අහන්න! ඔබේ පියා ඔබේ සහෝදර ඒසව්ට කතා කොට, 7‘මා මැරෙන්නට පෙර ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මගේ ආශිර්වාදය මා ඔබට දෙන පිණිස, මට දඩමස් ගෙනැවිත්, මට කන්නට එයින් රස අහර පිළියෙල කරන්නැ’ යි කියන අයුරු මට ඇහුණා. 8එබැවින් දැන් මා පුත, හොඳින් අසා, මා කියන දේ කරන්න. 9ගාලට ගොස්, හොඳ එළු නාම්බන් දෙන්නකු මට ගෙනැවිත් දෙන්න. එවිට ඔබේ පියා ආශා කරන විදියට ම රසවත් කෑමක් මම එයින් සාදන්නම්. 10එවිට ඔබේ පියා මියෙන්නට කලින් ඔහුගේ ආශිර්වාදය ඔබට දෙන පිණිස, කෑමට ඒවා ඔහු ළඟට ගෙන යන්නැ” යි කීවා ය.
11එවිට යාකොබ් තම මව වූ රෙබෙකා අමතා, “මගේ සහෝදර ඒසව් ගත පුරා ලෝම ඇති කෙනෙක්. මම මුදු හමක් ඇත්තෙක්; 12ඇතැම් විට මගේ පියා මා අතගා බලාවි. එවිට මා ඔහු රවටන වගක් පෙනී ගියහොත්, ආශිර්වාදයක් නො ව, මා පිටට එන්නේ ශාපයකැ” යි පැවසී ය.
13එවිට ඔහුගේ මව, “ඒ ශාපය මා පිට වැටුණාවේ. මා පුත, මා කියන දේ කරන්න. යන්න; උන් මට ගෙනැවිත් දෙන්නැ” යි කීවා ය.
14එබැවින් ඔහු ගොස්, උන් රැගෙන, තම මව වෙත ගෙනාවේ ය. ඔහුගේ පියා ආශා කරන විදියේ ම ප්‍රණීත අහරක් ඈ ඉන් පිළියෙල කළා ය. 15ඉන්පසු රෙබෙකා තමා ළඟ, ගෙදර තිබූ තම වැඩිමල් පුත් ඒසව්ගේ හොඳ ම ඇඳුම් ගෙන, තම බාල පුත් යාකොබ්ට ඒවා ඇඳවූවා ය. 16තවද ඈ, ඔහුගේ දෑත ද ඔහුගේ ගෙලෙහි සුමුදු කොටස ද එළු හමින් වැසුවා ය. 17ඉන්පසු ඈ, තමා පිළියෙල කර තිබූ රසවත් කෑම හා රොටි තම පුත් යාකොබ් අතට දුන්නා ය.
18ඔහු තම පියා වෙත ගොස්, “මගේ පියාණෙනි” යි ඇමතී ය.
“මම මෙහේ පුතේ” යි පිළිතුරු දුන් ඔහු, “නුඹ කවුරු දැ?” යි ඇසී ය.
19යාකොබ් තම පියාට පිළිතුරු දෙමින්, “මම ඒසව්, ඔබේ කුලුඳුලා. ඔබ මට කී දේ මා කළා. දැන්, ඔබ මට ආශිර්වාද කරන පිණිස කරුණාකර නැගිට හිඳ, මගේ දඩමසේ රස බලන්නැ” යි කීවේ ය.
20එවිට ඊසාක් තම පුතු අමතමින්, “මා පුත, කොහොම ද මෙතරම් ඉක්මනින් ඔබ එය සපයා ගත්තේ යැ?” යි විමසී ය.
ඔහු උත්තර දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා සඵල කළ සේකැ” යි කී ය.
21එවිට ඊසාක්, යාකොබ් අමතමින්, “සැබවින් ම නුඹ මගේ පුත්‍ර ඒසව් ද නැද්ද දැනගන්නට නුඹ අතගා බලන්නට මට ළං වෙන්නැ” යි කීවේ ය.
22එබැවින් යාකොබ් තම පියා වූ ඊසාක්ට ළං වූයේ ය. ඔහු අතගා බැලූ ඊසාක්, “කටහඬ යාකොබ්ගේ කටහඬයි; ඒත් අත් ඒසව්ගේ අත්” යයි පැවසී ය. 23ඊසාක්ට ඔහු හැඳිනගත නො හැකි විණ. මන්ද ඔහුගේ අත් තම සහෝදර ඒසව්ගේ අත් මෙන් ලොමින් යුතු ව තිබිණ. එබැවින් ඊසාක් ඔහුට ආශිර්වාද කළේ ය. 24“ඔබ සැබවින් ම මගේ පුත්‍ර ඒසව් දැ?” යි ඔහු ඇසී ය.
“ඒ මම යැ” යි ඔහු පැවසී ය.
25“මගේ පුත්‍රයාගේ දඩමස් අනුභව කොට, මා නුඹට ආශිර්වාද කරන පිණිස, ඒවා මා ළඟට ගෙනෙන්නැ” යි ඔහු පැවසී ය.
එබැවින් යාකොබ් එය ඔහු වෙත ගෙනාවේ ය. ඔහු ඒවා අනුභව කළේ ය. ඔහු මිදි යුෂ ද ගෙනාවේ ය. ඔහු ඒවා පානය කළේ ය. 26ඉන්පසු ඔහුගේ පියා වූ ඊසාක් ඔහු අමතමින්, “මෙහාට එන්න මා පුත, මා සිපගන්නැ” යි කීවේ ය.
27යාකොබ් ළං වී ඔහු සිප ගත්තේ ය. එවිට ඔහුගේ ඇඳුම්වල සුවඳ විඳි, ඊසාක් ඔහුට ආශිර්වාද කරමින්, මෙසේ කීවේ ය:
“මෙන්න, මා පුතුගේ සුවඳ,
ස්වාමින්වහන්සේ ආශිර්වාද කළ කෙතක
සුවඳ වැනි ය.
28දෙවියන්වහන්සේ ඔබට අහසේ පින්න ද
පොළොවේ සාරත්වය ද
ධාන්‍ය හා අලුත් මිදි යුෂ බහුල ව ද දෙන සේක්වා!
29ජනතාවෝ ඔබට මෙහෙ කරත්වා!
ජාතීහු ඔබට වැඳ වැටෙත්වා!
ඔබේ සහෝදරයින්ට ස්වාමියා වන්න;
ඔබේ මවගේ පුත්තු ඔබට හිස නමත්වා!
ඔබට ශාප කරන අය ශාප ලබත්වා!
ඔබට ආශිර්වාද කරන අය ආශිර්වාද ලබත්වා!”
30ඊසාක්, යාකොබ්ට ආශිර්වාද කර නිම වූ විගස, යාකොබ් තම පියා වූ ඊසාක් ඉදිරියෙන් පිටතට ගිය විට ම දඩයමේ ගිය ඒසව් ගෙට ඇතුළු විය. 31ඔහු ද රසවත් කෑමක් පිළියෙල කර තම පියා වෙත ගෙනාවේ ය. ඉන් අනතුරුව තම පියා ඇමතූ හේ, “මගේ පියාණෙනි, ඔබේ ආශිර්වාදය මට දෙන පිණිස, දැන් නැගිට හිඳ, ඔබේ පුතාගේ දඩමස් රහ බලන්නැ” යි කීවේ ය.
32එවිට, “නුඹ කවුරු දැ?” යි ඔහුගේ පිය වූ ඊසාක් ඇසී ය.
“මම ඔබේ පුතා, ඔබේ කුලුඳුලා, ඒසව්” යයි ඔහු උත්තර දුන්නේ ය.
33එවිට ඊසාක් දැඩි සේ වෙවුලී ය. “එහෙනම් කවුරු ද දඩමස් දඩයම් කර මට ගෙනාවේ? නුඹ එන්නට මදකට කලින් මා ඒවා අනුභව කර, ඔහුට ආශිර්වාද කළා. සැබවින් ම ඔහු ආශිර්වාද ලබන්නේ යැ” යි පැවසී ය.
34තම පියාගේ එවදන් ඇසූ ඒසව්, මහ හඬින් විලාප නගමින්, “මටත්, අනේ මටත් ආශිර්වාද කරන්න මගේ පියාණෙනි” යි හඬා වැටුණේ ය.
35එහෙත් ඔහු කතා කරමින්, “ඔබේ සහෝදරයා ප්‍රයෝගයෙන් අවුත්, ඔබේ ආශිර්වාදය අරගත්තා” යි කීවේ ය.
36එවිට ඒසව් කතා කරමින්, “යාකොබ් යන නම ඔහුට ගැළපෙනවා නො වේ ද? මට හිමි තැන ඔහු ප්‍රයෝගයෙන් අල්ලා ගත් දෙවන වතාවයි මේ. මගේ ජන්ම උරුමය ඔහු පැහැර ගත්තා; මෙන්න දැන්, මගේ ආශිර්වාදයත් පැහැරගෙන” යි කීවේ ය. ඔහු යළි කතා කරමින්, “මටත් යම් ආශිර්වාදයක් ඔබ ඉතිරි කර ගත්තේ නැද්දැ” යි ඇසී ය.
37ඊසාක්, ඒසව්ට පිළිතුරු දෙමින්, “මම ඔහු නුඹේ ස්වාමියා කළෙමි. ඔහුගේ නෑසිය-සෝයුරු සියල්ලන් ඔහුට සේවකයින් කොට දුනිමි. ධාන්‍ය හා අලුත් මිදි යුෂ මම ඔහුට සැපයීමි. එබැවින් කුමක් ද ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ මා පුතුනි?” යි කී ය.
38ඒසව් තම පියා අමතමින්, “ඔබට ඇත්තේ එක් ආශිර්වාදයක් පමණ ද මගේ පියාණෙනි? මටත්, අනේ මටත් ආශිර්වාද කරන්න මගේ පියාණෙනි” යි ඉල්ලී ය. ඉන්පසු ඒසව් හඬ නගා වැලපුණේ ය.
39එවිට ඔහුගේ පිය වූ ඊසාක් පිළිතුරු දෙමින්,
“ඔන්න! ඔබගේ වාසස්ථානය,
පොළොවේ සාරත්වයෙන් දුරු වන්නේ ය;
ඉහළ අහසේ පින්නෙන් ද දුරු වන්නේ ය.
40ඔබ ජීවත් වනු ඇත්තේ කඩුවේ පිහිටෙනි.
ඔබේ සහෝදරයාට ඔබ මෙහෙ කරනු ඇත.
එහෙත් ඔබේ නො ඉවසිල්ල වැඩුණු කල,
ඔබේ කරින් ඔබ ඔහුගේ වියගහ
ගසා දමනු ඇතැ” යි කීවේ ය.
41ඔහුගේ පියා යාකොබ්ට දී තිබූ ආශිර්වාදය නිසා, ඒසව්, යාකොබ්ට එරෙහිව වෛර බැන්දේ ය. එබැවින් ඔහු, “මගේ පියා ගැන වැලපෙන දවස් අත ළඟයි. ඉන්පසු මා මගේ සහෝදර යාකොබ් මරා දමනවා” යි තමාට ම කියා ගත්තේ ය.
42තම වැඩිමල් පුත් ඒසව් පැවසූ වදන් රෙබෙකාට දන්වන ලදින්, ඈ තම බාල පුත් යාකොබ් කැඳවා යැව්වා ය. ඈ ඔහු අමතමින්, “අන්න! ඔබේ සහෝදර ඒසව් ඔබ මරා දමන්නට අර අඳිමින් සිත සනසා ගනී. 43එබැවින් මා පුත, මා කියන දේ අහන්න. වහාම, හාරාන්හි මගේ සහෝදර ලාබාන් වෙත පලා යන්න. 44ඔබේ සහෝදරයාගේ ක්‍රෝධය පහ වී යන තෙක්, මද කලක් ඔහු සමඟ සිටින්න. 45ඔබට එරෙහි ඔබේ සහෝදරයාගේ තරහ නිවී, ඔබ ඔහුට කළ දෑ ඔහුට අමතක වූවාම, ආපසු එන්නට මා ඔබට දන්වන්නම්. නුඹලා දෙන්නා එක ම දවසක මා අහිමි කර ගන්නේ කුමට දැ?” යි කීවා ය.
46රෙබෙකා ඉන්පසු ඊසාක්ට කතා කොට, “හිත්තීය ස්ත්‍රීන් නිසා මට ජීවිතය එපා වෙලා. යාකොබ් මේ දේශයේ ස්ත්‍රීන් අතුරින්, මේ වගේ හිත්තීය ස්ත්‍රීන්ගෙන් බිරිඳක් ගතහොත් මට ජීවත් වී පලක් නැහැ” යි කීවා ය.
လက္ရွိေရြးခ်ယ္ထားမွု
උත්පත්ති 27: SCV
အေရာင္မွတ္ခ်က္
မၽွေဝရန္
ကူးယူ
မိမိစက္ကိရိယာအားလုံးတြင္ မိမိအေရာင္ခ်ယ္ေသာအရာမ်ားကို သိမ္းဆည္းထားလိုပါသလား။ စာရင္းသြင္းပါ (သို႔) အေကာင့္ဝင္လိုက္ပါ
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: