නික්මයාම 15:23-25
නික්මයාම 15:23-25 SCV
ඔවුන් මාරා වෙත ළඟා වූ කල, මාරාහි ජලය තිත්ත වූ නිසා, ඒවා ඔවුනට බීමට නො හැකි විය. එතැන මාරා යැයි අමතනු ලබන්නේ එබැවිනි. එනිසා ජනයා මෝසෙස්ට එරෙහිව මැසිවිලි නගමින්, “මොනවද අප බොන්නේ?” යි ඇසූහ. එබැවින් මෝසෙස් ස්වාමින්වහන්සේට මොර ගැසී ය. ස්වාමින්වහන්සේ ඔහුට ගහක් පෙන් වූ සේක. ඔහු එය දියට දැමී ය. එවිට ජලය මිහිරි විය. ස්වාමින්වහන්සේ එහිදී ඔවුන්ට නියෝගයක් ද පනතක් ද දුන් සේක. එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂා කළ සේක.

