ස්වාමින්වහන්සේ කතා කොට, “බලන්න! එක් බසක් කතා කරන එක ම ජනතාවක් වශයෙන් පටන් ගැන්මට මොවුන් මේ තරම් දෙයක් කරයි නම්, අරමුණු කරන කවරක් වුව ඔවුනට කළ නො හැකි නො වේ. යමු: අපි පහළ බැස ගොස්, ඔවුන්ගේ කතාව එකිනෙකාට නො තේරෙන ලෙස ඔවුන්ගේ භාෂාව වියවුල් කරමු” යි කී සේක.