ශුද්ධවර මතෙව් 28:12-15
ශුද්ධවර මතෙව් 28:12-15 NRSV
එවිට, ඔව්හු ප්‍රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී, “අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්‍රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න. මේ බව ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු කැමැති කරවාගෙන ඔබ බේරා ගන්නෙමු”යි කී හ. ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්‍රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි.

