ශු. මාර්ක් 7
7
බාහිර චාරිත්‍ර නොපැවැත්වීම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරුදීම
1යෙරුසලමෙන් ආවාවූ ඵරිසිවරුද ලියන්නන්ගෙන් සමහරෙක්ද උන්වහන්සේ වෙතට රැස්ව, 2උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරුන් අපවිත්‍රවූ එනම් නොසේදූ අත්වලින් කෑමකනවා දුටුවෝය. 3මක්නිසාද ඵරිසිවරුත් සියලු යුදෙව්වරුත් වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග රක්ෂාකරන බැවින් හොඳට අත් සෝදාගන මිස කන්නේ නැත. 4කඩේ සිට ආවාම තමුන්ම සෝදාගන මිස ඔව්හු කෑම නොකති. ඔවුන් විසින් රක්ෂාකරන්ට පිළිගෙන තිබෙන වෙනත් බොහෝ දේ ඇත, එනම් කුසලාන් කළගෙඩි සහ පිත්තල භාජන සේදීමය. 5ඵරිසිවරුද ලියන්නෝද උන්වහන්සේට කථාකොට: ඔබගේ ගෝලයන් වැඩිමහල්ලන්ගේ නියෝග ලෙස නොහැසිර, අපවිත්‍රවූ අත්වලින් කෑම කන්නේ මක්නිසාදැයි ඇසුවෝය. 6උන්වහන්සේ ඔවුන්ට කියනසේක්:
මේ සෙනඟ ඔවුන්ගේ තොල්වලින් මට ගෞරවකරති, එහෙත් ඔවුන්ගේ සිත මාගෙන් දුරය.
7මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්,
නිරර්ථකයේ මට නමස්කාරකරතියි ලියා තිබෙන ලෙස වංචාකාරවූ නුඹලා ගැන යෙසායා මනාලෙස අනාගතවාක්‍යයෙන් කීයේය. 8නුඹලා දෙවියන්වහන්සේගේ ආඥාව හැරදමා මනුෂ්‍යයන්ගේ නියෝග රක්ෂාකරන්නහුයයි කීසේක. 9උන්වහන්සේ ඔවුන්ට තවත් කථාකොට: නුඹලාගේ නියෝග පවත්වන පිණිස නුඹලා දෙවියන්වහන්සේගේ ආඥාව එපාකරන හැටි කදිමයි. 10මක්නිසාද–නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරන්න; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මරනු ලබන්ටම ඕනෑයයි මෝසෙස් කීවේය. 11එහෙත්–මාගෙන් ඔබට ප්‍රයෝජනවෙන්ට පුළුවන්ව තිබුණු දේ කොර්බාන්, එනම් පඬුරක්යයි යම් මනුෂ්‍යයෙක් පියාටවත් මවුටවත් කීවොත්, 12එතැන් පටන් ඔහුගේ පියාටවත් මවුටවත් උපකාරකරන්ට නුඹලා ඔහුට ඉඩදෙන්නේ නැත. 13මෙසේ නුඹලා භාරදී තිබෙන නුඹලාගේ නියෝගවලින් නුඹලා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකරන්නහුය. නුඹලා තවත් එබඳු බොහෝ දේ කරන්නහුයයි කීසේක. 14උන්වහන්සේ සමූහයා තමන් ළඟට නැවත කැඳවා කියනසේක්: නුඹලා සියල්ලෝම මාගේ වචනය අසා තේරුම්ගන්න. 15පිටතින් මනුෂ්‍යයා තුළට වැද ඔහු අපවිත්‍රකරන්ට පුළුවන්වූ කිසි දෙයක් නැත. 16මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහු තුළින් නික්මෙන දේවලින්යයි කීසේක. 17උන්වහන්සේ සමූහයාගෙන් වෙන්ව ගෙට ඇතුල්වූ කල ගෝලයෝ ඒ උපමාව ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය. 18උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලාත් එසේම තේරුම් නැතුව සිටින්නහුද? පිටතින් මනුෂ්‍යයා තුළට පැමිණෙන කිසි දෙයක්වත් ඔහු අපවිත්‍රකරන්ට නොහැකි බව නුඹලාට තේරෙන්නේ නැද්ද? 19මක්නිසාද එය ඔහුගේ සිතට නොව බඩට ඇතුල්ව වැසිකිළියට යන්නේයයි කීසේක. මෙසේ සියලු ආකාර කෑම පවිත්‍රයයි උන්වහන්සේ ප්‍රකාශකළසේක. 20නැවතද උන්වහන්සේ: නුමුත් මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය. 21මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතිවිලි, වේශ්‍යාකම්, සොරකම්, මිනීමැරීම්, කාමමිථ්‍යාචාරකම්, 22තණ්හා, දුෂ්ටකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාසකිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මෙයි. 23මේ සියලු නපුරුදේ ඇතුළතින් නික්මී මනුෂ්‍යයා අපවිත්‍රකෙරේයයි කීසේක.
අන්‍ය ජාතික යෞවනියකට සුවකිරීම
24උන්වහන්සේ එතැනින් නැගිට තීර් සහ සීදොන්හි සීමාවලට පිටත්ව ගොස් ගෙයකට ඇතුල්ව, ඒ බව කිසිවෙකු දැන නොගන්නවාට කැමැතිවූසේක. නුමුත් උන්වහන්සේට සැඟවී සිටින්ට බැරිවිය. 25එකෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ කුඩා දුවෙක් ඇති ස්ත්‍රියෙක් උන්වහන්සේ ගැන අසා ඇවිත් උන්වහන්සේගේ පාමුල වැටුණාය. 26ඈ වනාහි සිරෝපිනීසි ජාතියේ ග්‍රීක් ස්ත්‍රියෙක්ය. ඇගේ දුවගෙන් යක්ෂයා දුරුකරන ලෙස ඈ උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවාය. 27උන්වහන්සේ කථාකොට: පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණෙත්වා. මක්නිසාද දරුවන්ගේ රොටි ගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි ඈට කීසේක. 28එහෙත් ඈ උත්තරදෙමින්: එසේය, ස්වාමිනි. මේසේ යට සිටින බල්ලෝ පවා දරුවන්ගේ කෑම කැබෙලිවලින් ගෙන කතියි උන්වහන්සේට කීවාය. 29උන්වහන්සේද: මේ කීම නිසා යන්න; යක්ෂයා නුඹේ දුවගෙන් දුරුව ගියේයයි ඈට කීසේක. 30ඈ ගෙදර ගිය කල ඇගේ දුව ඇඳේ සැතපී ඉන්න බවද යක්ෂයා දුරුවී සිටින බවද දුටුවාය.
ගොළු බිහිරෙකුට සුවකිරීම
31නැවතත් උන්වහන්සේ තීර් සීමාවලින් පිටත්ව, සීදොන් මැදින් ගොස්, දෙකපොලිසේ සීමා මැදින් ගලීලයේ මුහුද ළඟට පැමුණුණුසේක. 32එකල ඔව්හු වික්කල් බිහිරෙකු උන්වහන්සේ වෙතට ගෙනැවිත්, ඔහු පිට අත තබන ලෙස උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවෝය. 33උන්වහන්සේ රහසින් ඔහු සමූහයා කෙරෙන් අහකට ගෙන ගොස්, ඔහුගේ කන්වල තමන්ගේ ඇඟිලි බහා, කෙළගසා, ඔහුගේ දිව ස්පර්ශකොට, 34ස්වර්ගය දෙස බලා, සුසුම්ලා: එප්ඵාතා, එනම් ඇරේවයි ඔහුට කීසේක. 35එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම් මිදී ඔහු පැහැදිලි ලෙස කථාකෙළේය. 36ඒ බව කාටවත් නොකියන්ට උන්වහන්සේ ඔවුන්ට අණ දුන්සේක. නුමුත් උන්වහන්සේ යම් පමණ අණකළසේක්ද ඔව්හු එපමණටත් වඩා බොහෝසෙයින් එය ප්‍රසිද්ධ කළෝය. 37තවද ඔව්හු අප්‍රමාණලෙස මවිතව: උන්වහන්සේ සියල්ල යහපත්ලෙස කළසේක. උන්වහන්සේ බිහිරන්ට පවා ඇසෙන්ටත් ගොළුවන්ට කථාකරන්ටත් සලස්වනසේකැයි කීවෝය.
നിലവിൽ തിരഞ്ഞെടുത്തിരിക്കുന്നു:
ශු. මාර්ක් 7: SROV
ഹൈലൈറ്റ് ചെയ്യുക
പങ്ക് വെക്കു
പകർത്തുക

നിങ്ങളുടെ എല്ലാ ഉപകരണങ്ങളിലും ഹൈലൈറ്റുകൾ സംരക്ഷിക്കാൻ ആഗ്രഹിക്കുന്നുണ്ടോ? സൈൻ അപ്പ് ചെയ്യുക അല്ലെങ്കിൽ സൈൻ ഇൻ ചെയ്യുക
Ceylon Bible Society

: