ශු. මාර්ක් 6:41-43
ශු. මාර්ක් 6:41-43 SROV
උන්වහන්සේ රොටි පහද මසුන් දෙදෙනද අරගෙන, ස්වර්ගය දෙස බලා ස්තුතිකොට, රොටි කඩා, ඔවුන් ඉදිරියෙහි තබන්ට ගෝලයන්ට දී, මසුන් දෙදෙනත් ඔවුන් සියල්ලන්ට බෙදාදුන්සේක. සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය. ඉතිරි කැබලිවලින්ද මසුන්ගෙන්ද පැස් දොළොසක් පුරවාගත්තෝය.