ශු. මාර්ක් 2
2
අංශභාග රෝගියෙකුට සුවකිරීම
1උන්වහන්සේ දවස් ගණනකට පසු කපර්ණවුමට නැවත ඇතුල්වූ කල, උන්වහන්සේ ගෙයි සිටින බව ආරංචිවිය. 2එවිට දොරකඩ ළඟවත් ඉඩ නැති තරමට බොහෝ දෙනෙක් රැස්වූවෝය. උන්වහන්සේ ඔවුන්ට වචනය කීසේක. 3එකල සතරදෙනෙකු විසින් උසුලනලද අංශභාග රෝගියෙකු රැගෙන ඔව්හු උන්වහන්සේ වෙතට ආවෝය. 4සමූහයා නිසා උන්වහන්සේ ළගට එන්ට නොහැකිව, ඔව්හු උන්වහන්සේ සිටි තැන සෙවිල්ල හැර, පියස්ස කඩා, අංශභාග රෝගියා ඔත් යහන බැස්සෙවුවෝය. 5යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, නුඹේ පව් කමාකරනලදැයි අංශභාග රෝගියාට කීසේක. 6එහෙත් එතැන ඉඳගන උන් ලියන්නන්ගෙන් සමහරෙක්: 7මොහු මෙසේ කථාකරන්නේ මක්නිසාද? මොහු දෙවියන්වහන්සේට අපහාසකරයි. එක්කෙනෙකුට එනම් දෙවියන්වහන්සේට මිස පව් කමාකරන්ට කාට පුළුවන්දැයි තමුන්ගේ සිත්වලින් කල්පනාකරගත්තෝය. 8ඔවුන් තමුන් තුළ මෙසේ කල්පනාකළ බව යේසුස්වහන්සේ තමන්ගේ ආත්මයෙන් එකෙණෙහිම දැන, ඔවුන්ට කියනසේක්: නුඹලා කුමක් නිසා මේ කාරණා සිතින් කල්පනාකරව්ද? 9අංශභාග රෝගියාට–නුඹේ පව් කමාකරනලදැයි කීමෙනුත්–නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි කීමෙනුත් වඩා පහසු කෝකද? 10නුමුත් පොළොවේදී පව් කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව නුඹලා විසින් දැනගන්නා පිණිසය කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කථාකොට: 11නැගිට නුඹේ යහන රැගෙන ගෙදර යන්නැයි නුඹට කියමියි කීසේක. 12ඔහු නැගිට එකෙණෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය; ඒ නිසා සියල්ලෝම විස්මපත්වී: මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමුව කියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝය.
ලෙවී කැඳවීම
13නැවත උන්වහන්සේ පිටත්ව මුහුද අයිනේ ගියසේක; මුළු සමූහයා උන්වහන්සේ වෙතට ආවෝය, උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වූසේක. 14උන්වහන්සේ මග යන අතර, අල්පෙවුස්ගේ පුත්‍රවූ ලෙවී සුංගම්පළේ වාඩිවී ඉඳිනු දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය. 15තවද උන්වහන්සේ ඔහුගේ ගෙයි කෑමට හුන් කල, බොහෝ සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමඟ ඉඳගත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක් සිටියෝය, ඔව්හු උන්වහන්සේ අනුව ගියෝය. 16උන්වහන්සේ සුංගම් අයකරන්නන් හා පව්කාරයන් සමඟ කනවා ඵරිසිවරුන්ගේ ලියන්නෝ දැක. උන්වහන්සේ සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කනබොනසේකැයි උන්වහන්සේගේ ගෝලයන්ට කීවෝය. 17යේසුස්වහන්සේ ඒ අසා: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත. මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි ඔවුන්ට කීසේක.
නිරාහාරය ගැන වාදය
18යොහන්ගේ ගෝලයෝද ඵරිසිවරුද නිරාහාරව සිටියෝය. ඔව්හු ඇවිත්: යොහන්ගේ ගෝලයන්ද ඵරිසිවරුන්ගේ ගෝලයන්ද නිරාහාරයෙන් සිටිද්දී ඔබගේ ගෝලයන් නිරාහාරයෙන් නොසිටින්නේ මක්නිසාදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. 19යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටියදී ඔවුන්ට නිරාහාරව සිටින්ට පුළුවන්ද? මනමාලයා ඔවුන් සමඟ සිටින තෙක් නිරාහාරව සිටින්ට ඔවුන්ට බැරිය. 20නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය, එවිට ඒ දවසේ ඔව්හු නිරාහාරව සිටින්නෝය. 21කිසිවෙක් තාන් රෙදි කැබෙල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් රෙදි කෑල්ලට පරණ රෙද්ද ඇදී, වඩා ලොකු ඉරුමක් වේ. 22තවද කිසිවෙක් අලුත් මුද්‍රිකපානය පරණ සම්භාජනවල වත් නොකරයි; වත්කළොත් මුද්‍රිකපානයෙන් සම්භාජන පැළී, මුද්‍රිකපානයත් භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරතියි කීසේක.
සබත් පැවැත්වීම පිළිබඳ ප්‍රශ්නය
23තවද උන්වහන්සේ සබත් දවසේදී ගොයම් කෙත් මැදින් ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝ යමින්ම කරල් කඩන්ට පටන්ගත්තෝය. 24එවිට ඵරිසිවරු කථාකොට: මෙන්න, සබත් දවසේදී නොකටයුතු දේ මොවුන් කරන්නේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය. 25උන්වහන්සේ ඔවුන්ට කථාකොට: දාවිත් තමාටද තමා සමඟ සිටියවුන්ටද හිඟයක් වී බඩගිනිවූ කල්හි කළ දේ, 26එනම් උත්තම පූජකයාවූ අබියාතර්ගේ කාලයේදී දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට විනා වෙනකාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කා, තමා සමඟ සිටියවුන්ටත් දුන් බව නුඹලා කවදාවත් කියෙවුවේ නැද්දැයි කීසේක. 27උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මනුෂ්‍යයා සබත් දවස උදෙසා නොව සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියමකරනලද්දේය. 28එබැවින් මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ පවා ස්වාමීයයි කීසේක.
നിലവിൽ തിരഞ്ഞെടുത്തിരിക്കുന്നു:
ශු. මාර්ක් 2: SROV
ഹൈലൈറ്റ് ചെയ്യുക
പങ്ക് വെക്കു
പകർത്തുക

നിങ്ങളുടെ എല്ലാ ഉപകരണങ്ങളിലും ഹൈലൈറ്റുകൾ സംരക്ഷിക്കാൻ ആഗ്രഹിക്കുന്നുണ്ടോ? സൈൻ അപ്പ് ചെയ്യുക അല്ലെങ്കിൽ സൈൻ ഇൻ ചെയ്യുക
Ceylon Bible Society

: