1
ශුද්ධවර මතෙව් 21:22
Sinhala New Revised Version
NRSV
තවද, ඔබට ඇදහිල්ල ඇත්නම්, කවර දෙයක් ඉල්ලා යාච්ඤා කළත් එය ඔබට ලැබෙනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.
താരതമ്യം
ශුද්ධවර මතෙව් 21:22 പര്യവേക്ഷണം ചെയ്യുക
2
ශුද්ධවර මතෙව් 21:21
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබ සැක නොකොට, ඇදහිල්ල ඇති ව සිටින්නහු නම්, මේ අත්තික්කා ගසට මා කළ දෙය ඔබත් කරනු ඇත. එපමණක් නොව, මේ කන්දට, ‘ඉදිරී ගොස් මුහුදේ වැටේ වා’යි කීවොත් එය ද සිදුවනු ඇත.
ශුද්ධවර මතෙව් 21:21 പര്യവേക്ഷണം ചെയ്യുക
3
ශුද්ධවර මතෙව් 21:9
පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ.
ශුද්ධවර මතෙව් 21:9 പര്യവേക്ഷണം ചെയ്യുക
4
ශුද්ධවර මතෙව් 21:13
“ ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහය කැ යි කියනු ලබන්නේ ය’යි ලියා ඇත. එහෙත්, ඔබ එය සොරුන්ගේ ගුහාවක් කරන්නහු ය”යි ඔවුන්ට වදාළ සේක.
ශුද්ධවර මතෙව් 21:13 പര്യവേക്ഷണം ചെയ്യുക
5
ශුද්ධවර මතෙව් 21:5
“බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට, එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී, යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න” යනුයි.
ශුද්ධවර මතෙව් 21:5 പര്യവേക്ഷണം ചെയ്യുക
6
ශුද්ධවර මතෙව් 21:42
ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “ ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද?
ශුද්ධවර මතෙව් 21:42 പര്യവേക്ഷണം ചെയ്യുക
7
ශුද්ධවර මතෙව් 21:43
එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ ය.
ශුද්ධවර මතෙව් 21:43 പര്യവേക്ഷണം ചെയ്യുക