1
ශු. මාර්ක් 10:45
Sinhala Revised Old Version
SROV
මක්නිසාද සැබවින් මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්ටද ආයේයයි කීසේක.
താരതമ്യം
ශු. මාර්ක් 10:45 പര്യവേക്ഷണം ചെയ്യുക
2
ශු. මාර්ක් 10:27
යේසුස්වහන්සේ ඔවුන් දෙස බලා: මනුෂ්‍යයන්ට නම් නුපුළුවන, නුමුත් දෙවියන්වහන්සේට එසේ නොවේය. මක්නිසාද දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.
ශු. මාර්ක් 10:27 പര്യവേക്ഷണം ചെയ്യുക
3
ශු. මාර්ක් 10:52
යේසුස්වහන්සේද: යන්න, නුඹේ ඇදහිල්ල නුඹට සුවකළේයයි ඔහුට කීසේක. එවේලේම ඔහු පෙනීම ලැබ, මාර්ගයෙහි උන්වහන්සේ අනුව ගියේය.
ශු. මාර්ක් 10:52 പര്യവേക്ഷണം ചെയ്യുക
4
ශු. මාර්ක් 10:9
එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.
ශු. මාර්ක් 10:9 പര്യവേക്ഷണം ചെയ്യുക
5
ශු. මාර්ක් 10:21
යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේමකොට: නුඹට එකක් අඩුය. ගොස් නුඹ සන්තක සියල්ල විකුණා දිළිඳුන්ට දෙන්න, ස්වර්ගයෙහි නුඹට වස්තු ඇතිවන්නේය. නුඹ මා අනුව එන්නැයි ඔහුට කීසේක.
ශු. මාර්ක් 10:21 പര്യവേക്ഷണം ചെയ്യുക
6
ශු. මාර්ක් 10:51
යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මා විසින් නුඹට මක්කරනවාට නුඹ කැමතිදැයි ඔහුගෙන් ඇසූසේක. රබ්බෝනි, පෙනීම ලබාගන්ටයයි අන්ධයා උන්වහන්සේට කීයේය.
ශු. මාර්ක් 10:51 പര്യവേക്ഷണം ചെയ്യുക
7
ශු. මාර්ක් 10:43
නුමුත් නුඹලා අතරේ එසේ නොවේය. නුඹලා අතරේ උතුම්වෙන්ට කැමති කවරෙක් නුමුත් නුඹලාගේ සේවකයා වන්නේය.
ශු. මාර්ක් 10:43 പര്യവേക്ഷണം ചെയ്യുക
8
ශු. මාර්ක් 10:15
සැබවක් නුඹලාට කියමි–යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළි නොගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේයයි ඔවුන්ට කීසේක.
ශු. මාර්ක් 10:15 പര്യവേക്ഷണം ചെയ്യുക
9
ශු. මාර්ක් 10:31
නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි කීසේක.
ශු. මාර්ක් 10:31 പര്യവേക്ഷണം ചെയ്യുക
10
ශු. මාර්ක් 10:6-8
නුමුත් මැවීමේ පටන්ගැන්මේ සිට උන්වහන්සේ පුරුෂයෙකු හා ස්ත්‍රියෙකු වශයෙන් ඔවුන් මැවූසේක. එබැවින් මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය; ඒ දෙදෙනාද එක මාංසය වන්නෝය. මෙසේ ඔව්හු එතැන් පටන් දෙදෙනෙක් නොව එක මාංසය වෙති.
ශු. මාර්ක් 10:6-8 പര്യവേക്ഷണം ചെയ്യുക
ആദ്യത്തെ സ്ക്രീൻ
വേദപുസ്തകം
പദ്ധതികൾ
വീഡിയോകൾ