දානියෙල් 5:25-28
දානියෙල් 5:25-28 SCV
“එහි ලියා ඇති සටහන මෙයයි: මෙනේ, මෙනේ, තෙකේල් උපාර්සීන්. “ඒ වචනවල තේරුම මෙයයි: “මෙනේ: දෙවියන්වහන්සේ ඔබේ රාජ්‍ය කාලය ගණන් කොට, එය කෙළවර කර ඇත. “තෙකේල්: තරාදියේ ලා ඔබ කිරනු ලැබ, ඔබේ අඩු බව පෙනී ගොස් ඇත. “පෙරෙස්: ඔබේ රාජ්‍යය බෙදනු ලැබ, මේදියානුවන්ට හා පර්සියානුවන්ට දී තිබේ.”




