නික්මයාම 1

1
ඉශ්රායෙල් ජනයාගේ වහල් සේවය
1 # උත් 46:8-27 ජාකොබ් සමඟ මිසරයට තම තමන්ගේ පවුල් කැටුව පැමිණි ඉශ්රායෙල් ජනයාගේ නාම මෙසේ ය: 2රූබන්, සිමියොන්, ලෙවී සහ ජුදා; 3ඉස්සාකර්, සාබුලොන් සහ බෙන්ජමින්; 4දාන් සහ නප්තලී, ගාද් සහ ආෂෙර් ය. 5ජාකොබ්ගේ පෙළපතින් පැවත ආ සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ. ජෝසෙප් එවකට මිසරයෙහි සිටියේ ය. 6කලකට පසු ජෝසෙප් ද, ඔහුගේ සහෝදරයෝ සියලු දෙන ද, ඒ මුළු පරපුර ද මළහ. 7#ක්‍රියා 7:17එහෙත් ඉශ්රායෙල් ජනයා සමෘද්ධ වී, බොහෝ සේ වර්ධනය වී, ගණනින් ද වැඩි වී, අතිශයින් බලවත් වූයෙන්, ඔවුන්ගෙන් රට පිරී ගියේ ය.
8 # ක්‍රියා 7:18 එකල ජෝසෙප් ගැන කිසිවක් නොදත් අලුත් රජෙක් සිංහාසනාරූඪ විය. 9ඔහු තම සෙනඟට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනතාවගේ සෙනඟ අපට වඩා ගණනින් වැඩි වී, බලවත් ව, අපට තර්ජනයක් වී ඇත. 10#ක්‍රියා 7:19දැන් ඉතින් කන් දෙන්න, ඔවුන්ගේ සංබ්‍යාව වැඩි වීම වළකන පිණිස අපි ඔවුන් සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරමු. යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත්, ඔවුන් ද අපේ සතුරන් සමඟ පෙරමුණු බැඳගෙන, අපට විරුද්ධ ව සටන් කොට රට පාලනය කරන්න පුළුවනැ”යි කී ය. 11එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා නගර ගොඩනැඟුවහු ය. 12එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී, 13ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්හ. 14මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.
15මිසර දේශයේ රජතුමා හෙබ්‍රෙව් වින්නඹුවන් වන ෂිප්රා හා පුවාට කතා කොට, 16“නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට බිහිවන්නට යන්නේ පුතෙක් ද දුවක් ද කියා හොඳින් බලන්න; පුතෙක් නම් මරන්න. දුවක් නම් ඈ ජීවත් වුණා වේ” කියා පැවසී ය. 17එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ. 18එවිට රජතුමා වින්නඹුවන් කැඳවා, ඔවුන්ට කතා කොට, “නුඹලා මේ දේ කෙළේ මන් ද? පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ දුන්නේ ඇයි දැ”යි විචාළේ ය. 19ඔව්හු පිළිතුරු දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර දේශීය ස්ත්‍රීන් මෙන් නොවෙති. ඔව්හු ශක්ති සම්පන්න ය. වින්නඹුවන් ඔවුන් වෙත එන්නට පෙර ඔව්හු ප්‍රසූත කරති”යි කී හ. 20දෙවියන් වහන්සේ වින්නඹුවන්ට මහා කරුණාව පෑ සේක. සෙනඟ ද සංබ්‍යාවෙන් වැඩි වී ඉතා බලසම්පන්න වූ හ. 21තවද, වින්නඹුවන් දේව භය ඇති අය වූ නිසා උන් වහන්සේ ඔවුන්ට දරුසම්පත් දුන් සේක. 22#ක්‍රියා 7:19එවිට පාරාවෝ මුළු සෙනඟ අමතා, “හෙබ්‍රෙව්වරුන්ට උපදින හැම පිරිමි ළමයෙකු ම නයිල් ගඟට විසි කළ යුතු ය; සෑම දුවකට ජීවත් වන්න ඉඩ දිය යුතු ය”යි අණ කෙළේ ය.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요