1
දානියෙල් 6:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
එම ලේඛනය අත්සන් තැබූ වග දැනගත් දානියෙල්, තම නිවසට පිවිස, යෙරුසලම දෙසට මුහුණ ලූ ජනෙල් සහිත තම උඩු මහල් කාමරයට ගියේ ය. වෙනදා මෙන් සුපුරුදු පරිදි, දවසට තුන් වරක් තම දෙවියන්වහන්සේ ඉදිරියේ දණ ගැසූ ඔහු ස්තුති පුදමින් යාච්ඤා කළේ ය.
비교
දානියෙල් 6:10 살펴보기
2
දානියෙල් 6:22
මගේ දෙවියන්වහන්සේ ස්වකීය දූතයා එවා සිංහයින්ගේ කටවල් පිය වූ සේක. උන් මට අනතුරක් කළේ නැත. මන්ද උන්වහන්සේගේ ඇස් හමුවේ මා නිදොස් වග පෙනී ගොස් ඇති බැවිනි. ඒ ඇරත්, අහෝ රජතුමනි, ඔබ හමුවේත් කිසි කලෙක මම වරදක් නො කළෙමි” යි කීවේ ය.
දානියෙල් 6:22 살펴보기
3
දානියෙල් 6:26-27
“මගේ රාජධානියේ හැම යටත් විජිතයක ජනයා, දානියෙල්ගේ දෙවියන්වහන්සේට භය පක්ෂපාත ව ගෞරව දැක්විය යුතු බවට මම ආඥාවක් නිකුත් කරමි. “මන්ද ජීවමාන දෙවියන්වහන්සේ උන්වහන්සේ ය. උන්වහන්සේ සදහට ම පැවත සිටින සේක. උන්වහන්සේගේ රාජ්‍යය විනාශ කළ නො හැක; උන්වහන්සේගේ ආධිපත්‍යය නිම වන්නේ නැත. උන්වහන්සේ මුදන සේක; ගලවන සේක. අහසෙහි ද පොළොවෙහි ද ලකුණු හා පුදුම දක්වන සේක. සිංහයින්ගේ බලයෙන් උන්වහන්සේ දානියෙල් මිදූ සේක.”
දානියෙල් 6:26-27 살펴보기
4
දානියෙල් 6:16
එබැවින් රජු අණ දුන්නේ ය. දානියෙල් ගෙන එනු ලැබ, සිංහයින්ගේ ගුහාවට හෙළා දමනු ලැබී ය. දානියෙල් ඇමතූ රජු, “නිති පතා ඔබ සේවය කළ ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගලවා ගන්නා සේක්වා” යි කීවේ ය.
දානියෙල් 6:16 살펴보기