1
දානියෙල් 1:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් දානියෙල්, රාජ භෝජනයෙන් හා රජුගේ මිදි යුෂවලින් තමා අපවිත්‍ර කර නො ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. එබැවින් එසේ අපවිත්‍ර නො වී සිටීමට ප්‍රධාන නිලධාරියාගෙන් ඔහු අවසර ඉල්ලී ය.
비교
දානියෙල් 1:8 살펴보기
2
දානියෙල් 1:17
මෙම තරුණයින් සිවුදෙනාට දෙවියන්වහන්සේ, සාහිත්‍යයේ හා ශිල්ප ශාස්ත්රයේ හැම අංගයක් ගැන ම දැනුමත්, ප්‍රඥාවත් දුන් සේක. තවද සියලු ආකාර දර්ශන හා ස්වප්න පිළිබඳ වැටහීමක් දානියෙල්ට තිබිණි.
දානියෙල් 1:17 살펴보기
3
දානියෙල් 1:9
ප්‍රධාන නිලධාරී වෙතින් ප්‍රසාදයත්, අනුකම්පාවත් දානියෙල්ට ලැබෙන්නට දෙවියන්වහන්සේ සැලසූ සේක.
දානියෙල් 1:9 살펴보기
4
දානියෙල් 1:20
ප්‍රඥාව හා අවබෝධය පිළිබඳව රජු ප්‍රශ්න කළ හැම කරුණකදී ම ඔහුගේ රාජධානියේ වූ සියලු ඉන්ද්‍රජාලිකයින්ට හා මන්ත්‍රකරුවනට වඩා දස ගුණයක් ඔවුන් සමත් බැව් රජු දැනගත්තේ ය.
දානියෙල් 1:20 살펴보기