1
නික්මයාම 8:18-19
Sinhala New Revised Version 2018
SNRV
එවිට ඉන්ද්රජාලිකයන් ද තමන්ගේ ඇස්බැන්දුම් මඟින් කිනිතුල්ලන් හටගැන්වීමට වැර දැරූ නමුත් ඔව්හු ඊට අපොහොසත් වූ හ. මෙලෙස මිනිසා පිට හා මෘගයන් පිටත් කිනිතුල්ලෝ බෝ වූ හ. ඉන්ද්රජාලිකයන් පාරාවෝට කතා කොට, “මෙය දෙවියන් වහන්සේගේ ක්රියාවකි”යි කී නමුත් සමිඳාණන් වහන්සේ වදාළ පරිදි ඔහු තම සිත දැඩි කරගෙන ඔවුන් කී දේ සැලකුවේ නැත.
비교
නික්මයාම 8:18-19 살펴보기
2
නික්මයාම 8:1
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස්, ඔහු අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මට වැඳුම්පිදුම් කරන පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න.
නික්මයාම 8:1 살펴보기
3
නික්මයාම 8:15
එහෙත් සහනයක් ලැබුණු බව පාරාවෝ දුටු විට, සමිඳාණන් වහන්සේ කලින් කී ලෙස ම ඔහු තම සිත දැඩි කොට, මෝසෙස් හා ආරොන් කී දේ සැලකුවේ නැත.
නික්මයාම 8:15 살펴보기
4
නික්මයාම 8:2
ඔබ ඔවුන්ට යන්න අවසර නුදුන්නොත් මෙන්න, මම ඔබේ මුළු රටට ම මැඩි වසංගතයකින් පහර දෙමි.
නික්මයාම 8:2 살펴보기
5
නික්මයාම 8:16
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘නුඹේ සැරයටිය දිගු කොට පොළොවේ දූවිල්ලට ගසන්න, එවිට මුළු මිසර දේශය පුරා ඇති දූවිල්ල කිනිතුල්ලන් බවට හැරෙනු ඇත’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.
නික්මයාම 8:16 살펴보기
6
නික්මයාම 8:24
සමිඳාණන් වහන්සේ එලෙස ම කළ සේක. පාරාවෝගේ මාලිගාවට ද ඔහුගේ නිලධාරීන්ගේ ගෙවලට ද මුළු මිසර දේශය හැම තැනට ද මැස්සෝ විශාල රංචු රංචු පිටින් පැමිණියහ. රට ද මැසි රංචු නිසා නාස්ති විය.
නික්මයාම 8:24 살펴보기