1
නික්මයාම 6:6
Sinhala New Revised Version 2018
SNRV
එබැවින් නුඹ ඉශ්රායෙල් ජනතාවට කතා කොට, ‘මම වනාහි සමිඳාණන් වහන්සේ ය. මිසර වාසීන් නුඹලා පිට පටවා ඇති බරපතල වැඩවලින් නුඹලා මුදා, ඔවුන්ගේ වහල් සේවයෙන් නිදහස් කොට, මාගේ හස්තය දිගු කොට දරුණු ලෙස ඔවුන්ට දඬුවම් දෙමින් මම නුඹලා ගළවාගන්නෙමි.
비교
නික්මයාම 6:6 살펴보기
2
නික්මයාම 6:7
තවද, මාගේ ම සෙනඟ මෙන් නුඹලා භාරගෙන, මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මිසර වාසීන්ගේ බර වැඩවලින් නුඹලා මුදන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා එවිට දැනගන්නහු ය.
නික්මයාම 6:7 살펴보기
3
නික්මයාම 6:8-9
පසුව ආබ්රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද දෙන ලෙස මා දිවුළ දේශයට මම නුඹලා ගෙනෙන්නෙමි. මම එය නුඹලාට උරුම කොට දෙන්නෙමි. සමිඳාණන් වහන්සේ මම වෙමි’යි කියන්න.” මෝසෙස් මෙසේ ඉශ්රායෙල් ජනතාවට කී නමුත් ඔවුන්ගේ දැඩි සිත් වේදනාව හා දරුණු වහල්කම නිසා ඔව්හු ඔහුට සවන් නුදුන්හ.
නික්මයාම 6:8-9 살펴보기
4
නික්මයාම 6:1
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “මා පාරාවෝ හට කරන්න යන දේ නුඹට දැන් පෙනෙනු ඇත. බාහු බලයෙන් ඔවුන්ට පිට වී යන්න ඉඩ හරින ලෙසත් බාහු බලයෙන් සිය රටින් පිටමං කරන ලෙසත් ඔහුට බල කරමි”යි වදාළ සේක.
නික්මයාම 6:1 살펴보기