1
රෝම 7:25
Sinhala New Revised Version
NRSV
අපේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා! කොටින් කියතොත්, මනසින් මා දේව ආඥාව පිළිගනිතත්, මිනිස් ගතිය අනුව මා යටත් ව සිටින්නේ පාප ආඥාවට ය.
ತಾಳೆಮಾಡಿ
රෝම 7:25 ಅನ್ವೇಷಿಸಿ
2
රෝම 7:18
මා තුළ, එනම්, මාගේ මිනිස් ගතිය තුළ කිසි යහපතක් නැති බව දනිමි. මන්ද, යහපත කිරීමට කැමැත්තක් මට ඇතත්, එය ඉටු කිරීමට ශක්තියක් මට නැත.
රෝම 7:18 ಅನ್ವೇಷಿಸಿ
3
රෝම 7:19
මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි.
රෝම 7:19 ಅನ್ವೇಷಿಸಿ
4
රෝම 7:20
ඉදින් මා කරන්නේ මා අකමැති වන දෙය නම්, එය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය ය.
රෝම 7:20 ಅನ್ವೇಷಿಸಿ
5
රෝම 7:21-22
එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර, නපුර මා නොමඟට පොළඹවන්නේ ය යන ප්රතිපත්තියක් මට පෙනේ. මාගේ හද පත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්රිය කරමි.
රෝම 7:21-22 ಅನ್ವೇಷಿಸಿ
6
රෝම 7:16
මා කරන්නේ මා අකමැති දෙය බව මට හැඟේ නම්, එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි.
රෝම 7:16 ಅನ್ವೇಷಿಸಿ