1
රෝම 11:36
Sinhala New Revised Version
NRSV
මන්ද සියල්ල මවා වදාරන්නේ උන් වහන්සේ ය; සියල්ල රක්ෂා කරන්නේ උන් වහන්සේ ය; සියල්ල අර්ථාන්විත කරන්නේ උන් වහන්සේ ය. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
ತಾಳೆಮಾಡಿ
රෝම 11:36 ಅನ್ವೇಷಿಸಿ
2
රෝම 11:33
දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාල ද? උන් වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරු ද? උන් වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්ත්‍ය ද? උන් වහන්සේගේ ක්‍රියා මාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්ත ද? ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත
රෝම 11:33 ಅನ್ವೇಷಿಸಿ
3
රෝම 11:34
“සමිඳාණන් වහන්සේගේ සිත තේරුම්ගත්තේ කවරෙක් ද? උන් වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක් ද?
රෝම 11:34 ಅನ್ವೇಷಿಸಿ
4
රෝම 11:5-6
එසේ ම දැනුත්, දේව වරප්‍රසාදයෙන් තෝරාගනු ලැබූ ඉතිරි කුඩා පිරිසක් ඇත. එසේ වූයේ ඔවුන්ගේ ක්‍රියා නිසා නොව දේව වරප්‍රසාදයෙන් ය. ක්‍රියා නිසා එසේ සිදුවුණි නම්, දේව වරප්‍රසාදය කිසි සේත් දේව වරප්‍රසාදය නොවේ.
රෝම 11:5-6 ಅನ್ವೇಷಿಸಿ
5
රෝම 11:17-18
එහෙත් ඔලීව ගසේ සමහර අතු කපාදමනු ලැබ, වල් ඔලීව ගසක් වන ඔබ ඊට බද්ධ කර, පළමු ඔලීව ගසේ සාරයට හා මුලට මෙසේ යාවුණි නම්, ඒ අතු ගැන පාරට්ටු නොකරන්න. ඔබ එසේ සිතන්නහු නම්, ඔබ මුල උසුලනවා නොව, මුල ඔබ උසුලන බව සිතට ගන්න.
රෝම 11:17-18 ಅನ್ವೇಷಿಸಿ