1
ශුද්ධවර ජොහන් 15:5
Sinhala New Revised Version
NRSV
“මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය.
ತಾಳೆಮಾಡಿ
ශුද්ධවර ජොහන් 15:5 ಅನ್ವೇಷಿಸಿ
2
ශුද්ධවර ජොහන් 15:4
මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය.
ශුද්ධවර ජොහන් 15:4 ಅನ್ವೇಷಿಸಿ
3
ශුද්ධවර ජොහන් 15:7
ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ
ශුද්ධවර ජොහන් 15:7 ಅನ್ವೇಷಿಸಿ
4
ශුද්ධවර ජොහන් 15:16
ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
ශුද්ධවර ජොහන් 15:16 ಅನ್ವೇಷಿಸಿ
5
ශුද්ධවර ජොහන් 15:13
යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත.
ශුද්ධවර ජොහන් 15:13 ಅನ್ವೇಷಿಸಿ
6
ශුද්ධවර ජොහන් 15:2
උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.
ශුද්ධවර ජොහන් 15:2 ಅನ್ವೇಷಿಸಿ
7
ශුද්ධවර ජොහන් 15:12
“මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි.
ශුද්ධවර ජොහන් 15:12 ಅನ್ವೇಷಿಸಿ
8
ශුද්ධවර ජොහන් 15:8
මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ, ඔබ බොහෝ සේ පල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන් ය.
ශුද්ධවර ජොහන් 15:8 ಅನ್ವೇಷಿಸಿ
9
ශුද්ධවර ජොහන් 15:1
“සැබෑ මිදි වැල මම ය; මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාණෝ ය.
ශුද්ධවර ජොහන් 15:1 ಅನ್ವೇಷಿಸಿ
10
ශුද්ධවර ජොහන් 15:6
යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය.
ශුද්ධවර ජොහන් 15:6 ಅನ್ವೇಷಿಸಿ
11
ශුද්ධවර ජොහන් 15:11
“මේ දේවල් මා ඔබට ප්‍රකාශ කෙළේ, මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇති වන පිණිසත්, ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත් ය.
ශුද්ධවර ජොහන් 15:11 ಅನ್ವೇಷಿಸಿ
12
ශුද්ධවර ජොහන් 15:10
මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය.
ශුද්ධවර ජොහන් 15:10 ಅನ್ವೇಷಿಸಿ
13
ශුද්ධවර ජොහන් 15:17
මා ඔබට අණ කරන දේ මේ ය: එකිනෙකාට ප්‍රේම කරන්න.”
ශුද්ධවර ජොහන් 15:17 ಅನ್ವೇಷಿಸಿ
14
ශුද්ධවර ජොහන් 15:19
ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති.
ශුද්ධවර ජොහන් 15:19 ಅನ್ವೇಷಿಸಿ
ಮುಖಪುಟ
ಬೈಬಲ್
ಯೋಜನೆಗಳು
ವೀಡಿಯೊಗಳು