1
උත්පත්ති 18:14
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණන් වහන්සේට බැරි දෙයක් ඇද් ද? දරු උපතට නියම කාලය පැමිණි විට මම නුඹ වෙත ආපසු එමි. එවිට සාරා පුතෙකු ලබන්නී ය”යි වදාළ සේක.
Comparar
Explorar උත්පත්ති 18:14
2
උත්පත්ති 18:12
එබැවින් සාරා, “දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය.
Explorar උත්පත්ති 18:12
3
උත්පත්ති 18:18
මොහුගේ පෙළපත මහත් බලසම්පන්න ජාතියක් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන්, මා ආබ්රහම්ට ආශීර්වාද කළ ලෙස ඔවුන්ටත් ආශීර්වාද කරන මෙන් මගෙන් අයැදිනු ඇත.
Explorar උත්පත්ති 18:18
4
උත්පත්ති 18:23-24
ආබ්රහම් ද උන් වහන්සේට සමීප වී, “සැබැවින් ම ඔබ අදමිටුන් සමඟ දමිටුන් වත් වනසන සේක් ද? හොඳයි! නුවරෙහි දමිටුන් පනස්දෙනෙක් සිටිත් නම්, මේ පනස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද?
Explorar උත්පත්ති 18:23-24
5
උත්පත්ති 18:26
එවිට සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “සොදොම් නුවරෙහි දමිටුන් පනස්දෙනෙක් සිටිත් නම් ඔවුන් නිසා ඒ මුළු නුවරට මම සමාව දෙන්නෙමි”යි වදාළ සේක.
Explorar උත්පත්ති 18:26