1
යොහන් 12:26
සිංහල කාලීන පරිවර්තනය
SCV
යමෙක් මට සේවය කරන්නේ නම්, ඔහු මා අනුව ආ යුතුයි. මා කොතැනක ද, මගේ සේවකයා ද එතැන ම විය යුතු ය. යමෙක් මට සේවය කරනවා නම්, පියාණන්වහන්සේ ඔහුට ගෞරව කරන සේක.
তুলনা করুন
Explore යොහන් 12:26
2
යොහන් 12:25
තම ජීවිතයට ප්‍රේම කරන්නා, එය අහිමි කර ගනී. එහෙත් මෙලොවදී තම ජීවිතයට වෛර කරන්නා, සදාතන ජීවනයට එය රැක ගනී.
Explore යොහන් 12:25
3
යොහන් 12:24
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, තිරිඟු ඇටයක් පොළොවට වැටී නො මළොත්, එය තනි ඇටයක් ව පවතී. එහෙත් එය මළොත්, එය බොහෝ පල දරයි.
Explore යොහන් 12:24
4
යොහන් 12:46
මා ලෝකයට ආලෝකය ව ආවේ, මා තුළ විශ්වාස කරන කිසිවකුත් අන්ධකාරයේ නො සිටින පිණිසයි.
Explore යොහන් 12:46
5
යොහන් 12:47
“යමෙක් මගේ වචන අසා, ඒවා පිළිපදින්නේ නැති වුවත්, මා ඔහු විනිශ්චය කරන්නේ නැත. මා ආවේ ලෝකය විනිශ්චය කිරීමට නො වෙයි; ලෝකය ගලවා ගැනීමටයි.
Explore යොහන් 12:47
6
යොහන් 12:3
මරියා පිරිසිදු නාඩ්වලින්, ඉතා මිල අධික සුවඳ විලවුන් ලීටර බාගයක් ගෙනැවිත්, යේසුස්වහන්සේගේ දෙපාවල වත්කර, උන්වහන්සේගේ පා ඇගේ කෙස් වැටියෙන් පිස දැමුවා ය. මුළු නිවස විලවුන් සුවඳින් පිරුණේ ය.
Explore යොහන් 12:3
7
යොහන් 12:13
එවිට ඔවුහු තල් අතු ගෙන, උන්වහන්සේ පෙර මඟට ගොස්, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “ඉශ්රායෙල් රජ්ජුරුවන්ට ආශිර්වාදිත වේවා!” යි ඝෝෂා නගන්නට වූහ.
Explore යොහන් 12:13
8
යොහන් 12:23
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පමුණු වන ලබන පැය පැමිණිලා.
Explore යොහන් 12:23