YouVersion Logo
Search Icon

රූත් 2:1-3

රූත් 2:1-3 SCV

නායොමිට, ඇගේ සැමියාගේ පැත්තෙන් නෑයකු වූ, එලීමෙලෙක්ගේ පෙළපතට අයත් බෝවස් නම් ධනවත් මිනිසෙක් සිටියේ ය. මෝවබිය රූත්, නායොමිට කතා කොට, “කුඹුරට ගොස්, මට කාරුණික වන කෙනකු පසු පස ඇවිද, වැටී ඉතිරි වී ඇති කරල් ඇහිඳ එන්න ඉඩ දෙන්නැ” යි කීවා ය. “යන්න මගේ දූ” යි ඈ කීවා ය. එබැවින් ඈ පිටත් ව ගොස්, අස්වනු නෙළන්නන් පසු පස යමින්, කරල් ඇහිඳින්නට වන්නී, අහම්බෙන් මෙන් එලීමෙලෙක්ගේ පෙළපතේ බෝවස්ට අයත් කුඹුරු ලියැද්දට පැමිණියා ය.

Free Reading Plans and Devotionals related to රූත් 2:1-3