YouVersion Logo
Search Icon

එළිදරවු 3:15-22

එළිදරවු 3:15-22 SCV

“මම ඔබේ වැඩ දනිමි; ඔබ සිසිල් ව හෝ උණුසුම් ව හෝ නැත. ඔබ සිසිල් ව හෝ උණුසුම් ව හෝ සිටියි නම් කැමැත්තෙමි! මෙසේ, ඔබ උණුසුම් ව හෝ සිසිල් ව හෝ නො සිට ඇල්මැරුණු ගතියෙන් යුතු බැවින්, මගේ මුවින් මම ඔබ වමාරන්නෙමි. ‘මා ධනවත් ය; මා ධනය අත්කර ගෙන ඇත. කිසිවකින් මට අඩුවක් නැතැ’ යි ඔබ කියන්නේ ඔබගේ කාලකණ්ණි, දුක්ඛිත, දුගී, අන්ධ හා නග්න භාවය අවබෝධ කර ගෙන නො වේ. ඔබ ධනවත් වන පිණිස, ගින්නෙන් පවිත්‍ර කරන ලද රන් ද ඔබට ඇඳගන්නට හා ලජ්ජා සහගත ඔබගේ නග්න භාවය නො පෙනෙන පිණිස, සුදු ඇඳුම් ද දකින්නට හැකි වන පිණිස, ඔබේ ඇස්වල තවරා ගන්නට නෙතු ආලේප ද මගෙන් මිලයට ගන්නා ලෙස මම ඔබට අවවාද කරමි. “මා ප්‍රේම කරන අයට මම තරවටු කොට හික්මවමි. එබැවින් උද්යෝගිමත් වන්න. පසුතැවිලි වන්න. මෙන්න! මම දොර ළඟ සිටගෙන, තට්ටු කරමි. මගේ කටහඬ අසා යමෙක් දොර අරින්නේ නම්, මම ඇතුළු ව ඔහු හා එක් ව අහර ගන්නෙමි. ඔහු ද මා සමඟ අහර ගනු ඇත. “ජයගන්නාට මා සමඟ මගේ සිංහාසනයේ හිඳගැනීමේ වරම මා දෙන්නේ, මා ජය ගෙන මගේ පියාණන්වහන්සේගේ සිහසුනේ උන්වහන්සේ සමඟ හිඳගත් අයුරිනි. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!” යි කී සේක.

Free Reading Plans and Devotionals related to එළිදරවු 3:15-22