YouVersion Logo
Search Icon

ගීතාවලිය 90:3-6

ගීතාවලිය 90:3-6 SCV

ඔබ මිනිසුන් යළි දූවිල්ලට හරවා යවන්නේ, “එම්බා මිනිසුනි, ආපසු දූවිල්ලට ම!” කියමිනි. අවුරුදු දහසක්, ඔබගේ ඇස් ඉදිරියේ ගෙවී ගිය ඊයේ දවස වැන්න, රැයේ එක් යාමයක් වැන්න. ඔබ මිනිසුන් සැඩ පහරකින් මෙන් ගෙන යන සේක. ඔවුහු සිහිනයක් මෙන් පහ වී යති. ඔවුන් උදෑසන හටගන්නා නව තෘණ වැන්න: උදෑසන ඒවා අලුතින් හට ගන්න නමුදු, හවස් වෙද්දී වියළී, හැකිළී යයි.