ගීතාවලිය 66:16-20
ගීතාවලිය 66:16-20 SCV
දෙවියන්වහන්සේට භය වන සියල්ලෙනි, එන්න, ඇවිත් සවන් දෙන්න; උන්වහන්සේ මා උදෙසා කර ඇති දෑ මම පවසන්නෙමි. මා මුවින් උන්වහන්සේට මොර ගැසුවේ, මගේ දිවෙන් උන්වහන්සේට ප්‍රශංසා කරමිනි. මගේ හද තුළ මම පාපය ගබඩා කර සිටියෙම් නම්, ස්වාමින් මට සවන් නො දෙන්නට ඉඩ තිබිණ. එහෙත් සැබවින් ම දෙවියන්වහන්සේ සවන් දුන් සේක්, මගේ යාච්ඤාවේ වදන් ඇසූ සේක. මගේ යාච්ඤා ප්‍රතික්ෂේප නො කළ, ස්වකීය ප්‍රේමය මවෙතින් ඉවතට නො ගත්, දෙවියන්වහන්සේට පැසසුම් වේවා!





