YouVersion Logo
Search Icon

ගීතාවලිය 38:12-22

ගීතාවලිය 38:12-22 SCV

මගේ දිවි තොර කරන්නට මානබලන්නෝ මට උගුල් අටවති. මට අනතුරු කරන්නට අරඅඳින්නෝ දවස මුළුල්ලේ මා විනාශ කරන්නට කතිකා කරති, වංචාකාරී ප්‍රයෝග අටවති. එහෙත් මා බිහිරකු වැන්න, මට ඇහෙන්නේ නැත; කතා කරන්නට බැරි ගොළුවකු වැන්න; මම, කිසිවක් ඇහෙන්නේ නැති, මුවින් පිළිතුරක් දිය නො හැකි කෙනකු මෙන් වී සිටිමි. එහෙත් අහෝ ස්වාමින්වහන්ස, මම ඔබ ගැන බලා සිටින්නෙමි; අහෝ සමිඳුනි, මගේ දෙවියනි, මා උදෙසා උත්තර දෙන්නේ ඔබ ය. මන්ද ඔබ යදිමින්, මම මෙසේ කීවෙමි: “මට වැරදී ගිය කල, ඒ ගැන සතුටුවීමට හෝ උදම් වීමට හෝ ඔවුනට ඉඩ නුදුන මැනව.” මන්ද මා සිටින්නේ, විනාශයට ඔන්න-මෙන්න කියා ය; වේදනාව මා අතැර නො යයි. මම මගේ අයුතුකම ප්‍රකාශ කරමි; මගේ පාප නිසා, සිත් කරදර ව සිටිමි. හේතුවක් නැතිව මට හතුරු වූවෝ බොහෝ ය; අහේතුක ව මට වෛර කරන්නන් ගණන් නැති තරම් ය. මා හරි දේ ම කරන බැවින්, කළ හොඳට මට නපුර කරන්නෝ මට අපවාද නගති. අත්හැර නො දමන්න මා, අහෝ ස්වාමින්වහන්ස, ඈත් නො වන්න මගෙන්, මගේ දෙවියන්වහන්ස. එන්න වහා මගේ උපකාරයට, මගේ ගැලවුම්කරුවාණනි, මා ස්වාමිනි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 38:12-22