ගීතාවලිය 134:1-3
ගීතාවලිය 134:1-3 SCV
රාත්‍රියේ ස්වාමින්වහන්සේගේ ගෘහයේ නිරත, රාත්‍රි මෙහෙයයේ යෙදෙන, ස්වාමින්වහන්සේගේ සියලු සේවකයිනි, එන්න. ස්වාමින්වහන්සේ පසසන්න; ශුද්ධස්ථානය දෙසට ඔබගේ අත් ඔසවා, ස්වාමින්වහන්සේ පසසන්න. අහසත්, පොළොවත් නිම වූ ස්වාමින්වහන්සේ සියොනෙහි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා!


