YouVersion Logo
Search Icon

ගීතාවලිය 11:4-7

ගීතාවලිය 11:4-7 SCV

ස්වාමින්වහන්සේ ස්වකීය ශුද්ධ මාලිගයේ ය. ස්වාමින්වහන්සේ ස්වර්ගයේ ස්වකීය සිංහාසනයේ ය. උන්වහන්සේ මිනිස් දූ පුතුන් නිරීක්ෂණ කරන සේක්, ස්වකීය දෑසින් ඔවුන් පිරික්සන සේක. ස්වාමින්වහන්සේ දමිටුන් පිරික්සන සේක්, සැහැසිකමට හිත බැඳි අදමිටුන්ට සපුරාම වෛර කරන සේක. අදමිටුන් පිට උන්වහන්සේ ගිනිගත් අඟුරු හා දැවෙන ගෙන්දගම් වස්සන සේක. ඔවුන්ට වෙන් කළ කොටස වන්නේ, ගිනියම් වියළි සුළඟ ය. මන්ද ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ ය. උන්වහන්සේ යුක්තියට ප්‍රේම කරන සේක. අවංක ජනයා උන්වහන්සේගේ මුහුණ දකිනු ඇත.

Related Videos