ගීතාවලිය 107:8-15
ගීතාවලිය 107:8-15 SCV
ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! මන්ද උන්වහන්සේ පිපාසිතවූවන් තෘප්තියට පමුණුවා, සාගිනි වූවන් යහ දෙයින් පුරවන සේක. ඇතැම්හු අන්ධකාරයේ හා මරණාන්ධකාර ගැඹුරේ ද සිරකොට යදමින් බඳිනු ලැබ පීඩිත ව ද සිටියහ. මන්ද ඔවුන් දෙවියන්වහන්සේගේ වචනයට එරෙහිව කැරලි ගැසූ අතර, මහෝත්තමයාණන්ගේ උපදෙස් නීච කොට සලකා තිබුණි. එබැවින් උන්වහන්සේ ඔවුන් දැඩි අසීරුතාවට පත් කළ සේක; පිහිට වන්නට කිසිවකු නැතිව, ඔවුහු පැකිළී වැටුණහ. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ අන්ධකාරයේ හා මරණාන්ධකාර ගැඹුරින් ඔවුන් ඉවතට ගත් සේක; ඔවුන් බැඳි බැඳුම්, බිඳ දැමූ සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා!





