ගීතාවලිය 105:17-22
ගීතාවලිය 105:17-22 SCV
උන්වහන්සේ ඔවුනට පෙරටුව මිනිසකු පිටත් කර යැවූ සේක. ඒ, වහලකු වශයෙන් විකුණන ලද යෝසෙප් ය. ඔහුගේ පා විලංගු ලූ ඔවුහු, ඔහුගේ ගෙල යදමින් බැන්දහ. ඔහු අනාවැකියෙන් පවසා තිබූ දෑ ඉටු වන තෙක්, ස්වාමින්වහන්සේගේ වචනය මගින් ඔහු සෝදිසි කරන ලදී. එවිට රජු, ඔහු නිදහස් කරවූයේ ය; ජාතීන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස් කර යැවී ය. රජු තම ගෘහ වාසීන්ගේ ස්වාමියා වශයෙන්, තමන් සන්තක සියල්ලේ ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කළේ, ඔහුට රිසි පරිදි රජුගේ අධිපතීනට උපදෙස් දෙන පිණිසත්, රජුගේ වැඩිහිටියනට ප්‍රඥාව උගන්වන පිණිසත් ය.





