ගණන් 16:1-3
ගණන් 16:1-3 SCV
ලෙවීගේ පුත්‍ර කොහාත්ගේ පුත්‍රයා වූ ඉස්හාර්ගේ පුත්‍රයා වන කෝරා, රූබෙන් වංශික එලියාබ්ගේ පුතුන් වූ දාතාන් හා අබිරාම් ද පෙලෙත්ගේ පුත්‍ර ඕන් ද යන අය සමඟ මිනිසුන් කැටුව මෝසෙස්ට එරෙහිව, නැගී සිටියේ ය. සමාජයෙන් තෝරා පත් කෙරුණු සභිකයින් වූ ද ජනතාව අතර ප්‍රසිද්ධ වූ ද ඉශ්‍රායෙල් ප්‍රජා නායකයින් දෙසිය පනස් දෙනෙක් ද ඔවුන් සමඟ වූහ. මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව කණ්ඩායමක් සේ පැමිණි ඔවුහු, ඔවුන් අමතමින්, “නුඹලා ගානට වැඩියි. මේ මුළු සමාජය ම ශුද්ධයි; මේ හැම කෙනෙක් ම; ස්වාමින්වහන්සේත් ඔවුන් සමඟයි. එසේ තිබියදී ස්වාමින්වහන්සේගේ සභාවට ඉහළින් නුඹලා, නුඹලා ම උසස් කර ගන්නේ මන්දැ?” යි ඇසූහ.





