YouVersion Logo
Search Icon

නෙහෙමි 6:14-16

නෙහෙමි 6:14-16 SCV

අහෝ මගේ දෙවියන්වහන්ස, ටෝබීයා හා සන්බල්ලට් කළ මේ දෑට අනුව ඔවුන් සිහි කළ මැනව; නෝවදියා දිවැසිවරිය ද මා භය ගන්වන්නට උත්සාහ දැරූ සෙසු දිවැසිවරුන් ද සිහි කළ මැනව. මෙසේ එලූල් මස විසිපස්වනදා, දින පනස් දෙකකදී පවුර සම්පූර්ණ කෙරිණි. අපගේ සියලු සතුරන් මේ ගැන ඇසූ කල, අවට වූ සියලු ජාතීහු භය වූහ. ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැති විය. මන්ද මේ වැඩය සම්පූර්ණ කරන ලද්දේ අපගේ දෙවියන්වහන්සේගේ උපකාරය ඇතුව වග ඔවුහු වටහා ගත්හ.