නෙහෙමි 4:21-22
නෙහෙමි 4:21-22 SCV
එසේ අලුයම හිරු උදාවේ පටන් රෑ තරු පායන තෙක් එක දිගට අප වැඩ කළේ මිනිසුන්ගෙන් හරි අඩක් හෙල්ල දරමින් සිටියදී ය. එකල ජනයා ඇමතූ මම, “හැම කෙනකු ම තම සේවකයා සමඟ යෙරුසලමේ රැය ගත කරත්වා; එවිට රැයේ මුරට ද දහවලට වැඩට ද අප උදෙසා ඔවුන්ට උර දිය හැකි යැ” යි කීවෙමි.





