නෙහෙමි 2:11-13
නෙහෙමි 2:11-13 SCV
මෙසේ මම යෙරුසලමට ගොස්, දවස් තුනක් එහි ගත කළෙමි. ඉන්පසු මිනිසුන් කිහිප දෙනකු සමඟ මම රැයේ නැගිට්ටෙමි. යෙරුසලම උදෙසා කරන්නට මගේ දෙවියන්වහන්සේ මගේ හදවතේ තැබූ දෑ ගැන කිසිවකුටත් මා කීවේ නැත. මා නැගී ගිය සතා හැරෙන්නට මා සමඟ වෙනත් සතුන් සිටියේ නැත. එම රැයේ මම මිටියාවත් දොරටුව මැදින් සර්ප උල්පත හා කසළ දොරටුව දෙසට ගොස්, බිඳ දමනු ලැබ තිබූ යෙරුසලම් පවුරු හා ගින්නෙන් විනාශ ව තිබූ එහි දොරටුත් පරීක්ෂා කළෙමි.





