මාර්ක් 9:14-16
මාර්ක් 9:14-16 SCV
ඔවුහු අනෙක් ගෝලයින් වෙත ආ කල, ඔවුන් වටා මහත් ජන සමූහයක් සිටිනු ද දහම් පඬිවරුන් ඔවුන් සමඟ වාද කරමින් සිටිනු ද දුටුවහ. යේසුස්වහන්සේ දුටු ජන සමූහයා, එසැණේ ම මහත් සේ විස්මිත ව උන්වහන්සේට ආචාර කිරීමට දිවූහ. “ඔබ ඔවුන් සමඟ වාද කරන්නේ කුමක් ගැන දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.





